CEPA User

CEPA User

Website URL: http://www.cepa.lk
Write on Thursday, 09 January 2014

‘Development’ has shaped countless lives and changed the landscape of entire countries. Yet, it is often used without a very clear idea of what it means - in relation to what ‘development’ really is, and what it comprises. In mainstream thinking, “development” is often associated with economic advancement and social progress. However, the mainstream perspective should be challenged as there is unresolved tension between material progress on the one hand, and the understanding of what constitutes human wellbeing on the other. In this context, a ‘reimagining’ of development – what it is as well as how we get there, or critically assessing whether the concept is obsolete to meet current challenges – may be opportune. Thus, it is vital that the reimagining dialogue includes a component in which we look at development through film as the role of the arts in releasing human potential is a central element to the essence of development.

To initiate this dialogue on reimagining development through film, the Center for Poverty Analysis (CEPA) in collaboration with Agenda 14 wishes to announce a film competition that awards sponsorships by way of small grants to prospective filmmakers that are interested in portraying ‘development’ in novel and creative ways through film.

Those interested in participating in this competition are requested to download and fill the form below and post it to CEPA No.29, Gregory's Road, Colombo 07 ( clearly marked as  Project Proposal for Film Production on the left hand corner of the envelope) before the 15th of January 2014.

 

Write on Tuesday, 07 January 2014

පළාත් පාලන ආයතන වල අයවැය පරාජය වීම හේතුවෙන් එම පළාත් පාලන ආයතන විසිරුවා හැරීමට සිදුවීම ඉකුත් සතිදෙක තුන තුළ රටේ අලූත් දේශපාලන උණුසුමක් මතුකළා. අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට පක්ෂ ලේකම් වරයා අනතුරු ඇගවුවත්, ජනාධිපති පක්ෂ නායකයා ලෙස තම පක්ෂයේ සියළු පාළාත් පාළන නියෝජිතයින් කොළඹට කැදවා තදින් අවවාද කළත් මේ කඩාවැටීම වළක්වා ගැනීමට එය ප‍්‍රමාණවත් වූයේ නැහැ. මේ දේශපාලන කැළඹීම් අතරේ අම්බලන්ගොඩ නගර සභාවේ 2014 වර්ෂයේ අයවැය සද්ද බද්දයකින් තොරව සම්මත වුණා. ඒත් සද්ද නගා රටට කිවයුතු වටිනා ආදර්ශයක් මේ අයවැය ලේඛණයේ ඇතුළත් වූ නිසාම අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය මෙවර අපිට මාතෘකාවක් වුණා.

ප‍්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේ ප‍්‍රධාන අරමුණ වනුයේ කුඩාම ප‍්‍රාදේශීය ඒකක දක්වා දේශපාලන බලතල විමධ්‍යගත කිරීම වූවත් කල් යත්ම ප‍්‍රාදේශීය සභා යනු ජාතික දේශපාලනයට බිරියන් පුතුන් පුරුදු පුහුණු කරන මධ්‍යස්ථාන බවටත් ප‍්‍රාදේශීය මැරයන්ට දේශපාලන රැකවරණය සලසන ගුහාවල් බවටත් පත්වීම සුලභව සිදුවූ දෙයක්. මේ තත්වය වෙනස් කිරීම වෙනුවෙන් විවිධ යෝජනා හා සාකච්ඡ කලක සිට ඉදිරිපත් වුණා. මේ සියළු යෝජනාවල හරය වුණේ පළාත් පාලන ආයතන එම ප‍්‍රදේශයේ වෙසෙන සාමාන්‍ය ජනයාට අත පෙවිය හැකි දුරකට රැගෙන ඒම. පළාත් පාලන ඡන්ද විමසීමේ දී සමානුපාතික ඡන්ද ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු සංශෝදන කීපයක් පළාත් පාලන පණතට ගෙන ඒමට රජය කටයුතු කළේත් මේ අවශ්‍යතා මුල් කොට ගෙන. රජයෙන් යෝජිත මේ සංශෝදන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලින් ගෙන එන විවිධ යොජනා වලට අම්බලංගොඩ නගර සභාව කලක සිට ඉතා සංවේදීව ප‍්‍රතිචාර දැක්වූවා. යහ පාලනය, වගවීම සහ ජන සහභාගීත්වය සම්බන්දයෙන් ඔවුන් දැක්වූ මේ සංවේදී ප‍්‍රතිවාරයේ ප‍්‍රතිඵලය වුණේ කාර්ය සාධනය සම්බන්දයෙන් රජයේ ඇගයීම් වලදී අම්බලන්ගොඩ නගර සභාව සෙසු පළාත් පාලන ආයතන අභිබවා කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණිම. මේ ලත් ජයග‍්‍රහණත් සමගම 2014 වර්ෂයේ අයවැය සකස් කිරීමේ දී නගර සභා බල ප‍්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය ජනයා සෘජුව ඊට සම්බන්ධ කරගැනීමටත් ඔවුන්ගේ යෝජනා ඉදිරි වර්ෂයේ අයවැය යෝජනා ලෙස සම්මත කරගැනීමටත් අම්බලන්ගොඩ නගර සභාව මෙවර ඉදිරි පියවරක් තැබුවා.

මේ ඉදිරි පියවර අප හා විස්තර කළේ නගර සභාවේ සංවර්ධන නිලධාරී එම්.ජී.ආර් පුෂ්ප කුමාර මහතා.

’’ගරු නගරාධිපති තුමාගෙ උපදෙස් අනුව, අපේ නගර සීමාවට අයත් ග්‍රාමසේවා වසම් දහතුනේම වෙන වෙනම ප‍්‍රජා රැස්වීම් කැදවලා අපි කරන්න යන දේ ගැන මිනිස්සුන්ට පැහැදිළි කළා. ගම පුරාම පෝස්ටර් ගහලා ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් දැනුම් දීල මේ රැස්වීම කැදවපු නිසා ගමේ පොදු කටයුතු ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් රැස්වීමට ඇවිත් හිටියා. ඒ ඒ කොට්ඨාශ නියෝජනය කරන නාගරික මන්ත‍්‍රී වරයා තමයි මේ රැස්වීම් වල මුලසුන දැරුවෙ. එතනදි ආණ්ඩු පක්ෂෙ ද විපක්ෂෙ ද කියලා භේදයක් තිබුණෙ නැහැ. මේ රැස්වීමට පැමිණි පිරිස අතරින් සභාපති, ලේකම් භාණ්ඩාගාරික ඇතුළු නිළධාරීන් පත්කර ගත්තා. මේ නිළධාරීන් ප‍්‍රමුඛ සමිතිය තමයි එම කොට්ඨාශයේ ග‍්‍රාම සංවර්ධන සමිතිය හැටියට දැන් කටයුතු කරන්නෙ.

මේ රැස්වීමෙදි අපි ඔවුන්ට පැහැදිලි කළා නගර සභාව විසින් පසුගිය වසර වලදී ඔවුන් ගේ ප‍්‍රදේශ වල කරන ලද සංවර්ධන කාර්යයන් ගැන. එසේම ඉදිරි වසරේ දී කළ යුතු දේ ගැන අපි ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉල්ලා සිටියා. මෙසේ ඔවුන්ගෙන් ලබාගත් යෝජනා ග‍්‍රාම සංවර්ධන උපදේශක කාරක සභාවට යොමු කළා. උපදේශක කාරක සභාව හැදිලා තියෙන්නෙත් ඒ ඒ කොට්ඨාශ වල පදිංචි කොට්ඨශයට එක් අයෙකු බැගින් තෝරා ගත් දැනුම් තේරුම් ඇති දැන උගත් නියෝජිතයින් දහතුන් දෙනෙකුගෙන්. ඔවුන් තොරා ගැනෙන්නෙ අර ග‍්‍රාම සංවර්ධන සමිතියේ කැමැත්තෙන්. මේ උපදේශක කාරක සභාව විසින් අර ගම් මට්ටමින් පැමිණි සංවර්ධන යෝජනා ප‍්‍රමුඛතා ගත කෙරෙනවා. මෙසේ ප‍්‍රමුඛතා ගත කෙරුණු සංවර්ධන යෝජනා තමයි 2014 අයවැය යෝජනා ලෙස මෙවර නගර සභාවෙ දි වැඩි ඡන්දයෙන් සම්මත වුණේ. ’’
මෙසේ මහජනයා වෙතින් යෝජනා කැදවුවත් මේ යෝජනා ක‍්‍රියාත්මක වෙද්දි ඒවායේ ප‍්‍රතිලාභ උපරිම වශයෙන් මහජනයාට ලැබෙන බවට ඇති සහතිකය කුමක්ද? මේ ඉදිකිරීම් වල කොන්ත‍්‍රාත් කරුවන් කව්ද? ඒ ඒ ව්‍යාපෘති සඳහා වැයවන මුදල් ගැන ජනතාව දැනුවත්ද? මේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු සැපයුවේ අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ එම්.ඩබ්.අරුණ ප‍්‍රදීප් මහතායි.

’’ කාලෙක ඉදලම අපි නගර සභාවෙ අරමුදල් වලින් කෙරෙන බොහෝ ඉදිකිරීම් කරන්නෙ නගර සභාවෙ වැඩ දෙපාර්තමේන්තුවෙන්මයි. පාවිච්චි කෙරෙන්නෙ අපේ යන්ත‍්‍ර සූත‍්‍ර. මේ නිසා අපිට ලොකු වියදමක් ඉතිරිකරගන්න පුළුවන් වෙලා තියනවා .මේ අයවැය යෝජනාවලදි අපි කොන්ත‍්‍රත්තුව පවරන්නෙ ඒ ඒ කොට්ඨාශ වල ගොඩනගපු ග්‍රාම සංවර්ධන සමිති වලටයි. ගමේ මිනිස්සු දන්නවා ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්තුව කීයද, ගමේ ගල් කියුබ් එක කීයද, වැලි කියුබ් එක කීයද, කම්කරු කුලීය කීයද කියලා. එතකොට ග‍්‍රාම සංවර්ධන සමිතියෙදි මේ ඕන දෙයක් ප‍්‍රශ්ණ කරන්න තොරතුරු දැනගන්න අයිතිය සාමාන්‍ය මිනිස්සුන්ට තියනවා. ඊට අමතරව මේ රටේ ඕනම පුරවැසියෙකුට අපේ වෙබ් අඩවියෙන් අපි කරන වැඩ ගැන ඕනම තොරතුරක් දැනගතහැකි ලෙස අපි අපේ වෙබ් අඩවිය යාවත්කාලීන කරනවා. ඒ හරහා විදේශ ගත ශී‍්‍ර ලාංකිකයින් පවා අපිට ප‍්‍රතිචාර දක්වනවා. මෙසේ සාමාන්‍ය ජනයා ඉතා සමිපව නගර සභාවේ කටයුතු වලට මැදිහත් වීමෙන් තමන්ගේ බලය සහ වටිනාකම අහෝසි වේ යැයි යන අදහස අපි මේ වැඩසටහන් පටන් ගත් මුල් යුගයේ අපේ මන්තී‍්‍රවරුන් අතර තිබුණත් දැන් අපි ඒ අභියෝග ජයගෙන හමාරයි. අම්බලන්ගොඩ නගර සභාවෙ කටයුතු ගැන දන්න කෙනෙක් දැන් කොන්ත‍්‍රාත් කිරීමේ හෝ මුදල් ඉපයීමේ අරමුණෙන් මේ නගර සභාවට තරග කරන්නෙ නැහැ. දැන් කොට්ඨාශ ක‍්‍රමය නැවත පළාත් පාලන ඡන්ද විමසීමට පැමිණීමත් සමග තමන් නියෝජනය කරන කොට්ඨාශයේ ඡන්ද දායකයින් සමග සමීපව සිටීම අනිවාර්ය නිසා මන්ත‍්‍රීවරුන්ටත් මීට හැඩගැසීම හැර විකල්පයක් නැහැ.’’

අම්බලන්ගොඩ පටබැදිමුල්ල කොට්ඨාශයේ ග‍්‍රාම සංවර්ධන සමිති නියෝජිතවරියක් වන ඒ. ඩබ්. ජයන්තා නන්දනී මහත්මිය නගර සභාවේ මේ අලූත් වැඩපිළිවල ගැන කතා කළේ උද්‍යෝගයෙන්.

’’අපේ සමිති වල වැඩිපුරම ඉන්නෙ කාන්තාවො. අපේ සමිතියේ සභාපති හැටියට තේරුණේ එ.ජා.ප. ක‍්‍රියාකාරී සාමාජිකාවක්. ගමේ පොදු වැඩ වලදි අපි දේශපාලන පක්ෂ භේදයෙන් තොරව එකතු වෙලා වැඩ කරනවා. ගම වෙනුවෙන් අපි ඉදිරිපත් කළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් වෙලා තියනවා. මේ වැඩවල කොන්ත‍්‍රාත් අපේ සමිතියට ලැබුණම හැමෝම සහභාගී කරගෙන ඒ වැඩ කරන්න අපි බලාගෙන ඉන්නවා. ’’

අම්බලන්ගොඩ විලේගොඩ කොට්ඨාශයේ සංවර්ධන උපදේශක කමිටු නියෝජිතයා ලෙස තේරුණු යූ. සමරසේන මහතා රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති සැලසුම් අධ්‍යක්ෂ වරයෙක්.
’’මගේ විශ‍්‍රාම කාලයේදී මගේ ගම් ප‍්‍රදේශයේ වැඩකට සහභාගී වෙන්න ලැබීම සතුටක්. උපදේශක කමිටුවේ නියෝජිතයින් සියළු දෙනා උනන්දුවෙන් රැස්වීම් වලට සහභාගී වුවත් මන්ත‍්‍රීවරුන්ගේ පැමිණීම ඒ තරම් සතුටු දායක නොවීම මම දැනට මේ වැඬේ දකින දුර්වල කමක්. තවම යෝජනා සම්මත වුණා පමණයි. ඉදිරියෙදි අපිට වඩා ක‍්‍රියාකාරීව වැඩ වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි.’’

සැලසුම් සකස් කිරීමෙන් ඔබ්බට ජන සහභාගීත්වය අරුත් ගැන්වීමට අම්බලන්ගොඩ නගර සභාව ගන්නා ක‍්‍රියාමාර්ග මොනවාද? ජනප‍්‍රිය සංවර්ධන යෝජනා වලින් ඔබ්බට ගොස් තිරසාර සංවර්ධන යෝජනා වෙනුවෙන් ජනතාව පෙනීසිටින වඩා දැනුවත් ප‍්‍රජාවක් වෙනුවෙන් පිටස්තර සිවිල් සමාජ සංවිධාන වලට කළ හැකි යමක් වේද? මේ පිළිබද ඔබ අප දක්වන උනන්දුව සහ ප‍්‍රතිචාරය මත මේ යහපත් කතාවේ අවසානය තීන්දු වනවා ඇති.

 

Write on Tuesday, 07 January 2014

සහස‍්‍ර සංවර්ධන ඉලක්ක ල`ගා කර ගැනීම දිළිබ`ද සාකච්ඡුාව අවසන් අදියරට පැමිණෙමින් තිබියදී,තිරසාර සංවර්ධනය පිළිබ`ද කථිකාව වඩා විධිමත් මුහුණ`ුවරකින් ලොව පුරා තැනින් තැන මතු වෙමින් පැවතිණි. නූතන සංවර්ධන ඉලක්ක පොදු මිනිස් වර්ගයා ආවරණය නොකරන බවටත් පාරිසරික අගයන් පිළිබ`ද සංෙවිදී නොවන බවටත් වන විවේඡුනය හමුවේ නව සංවර්ධන ඉලක්ක සහ නිර්ණායක පිලිබ`ද සංවාදය සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ගමන් කරමින් පවතී.සංවර්ධන ඉලක්ක ල`ගා කර ගැනිම වෙනුවෙන් කටයුතු කරන දකුණු ආසියානු කලාපීය රටවල් කීපයක සහභාගීත්වයෙන් ඉකුත් 06,07 දෙදින තුළ කොළඹ දී පැවති විද්වත් කථිකාව මෙම විෂය පිළිබ`ද සංවර්ධනය වෙමින් පවතින රටවල සිවිල් ජන කණ්ඩායම් පළ කරන උද්‍යෝගය මැනවින් පිළිබිඹු කරන්නක් විය.

බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය නියෝජනය කරමින් එම රටවල කි‍්‍රයාත්මක තිරසාර සංවර්ධන ප‍්‍රතිපත්ති පිළිබ`ද අධ්‍යයන සහ පර්යේෂණ වල නිරත සිවිල් සංවිධාන, ප‍්‍රැක්ටිකල් ඇක්ෂන්, දකුණු ආසියානු ප‍්‍රතිපත්ති සහ පර්යේෂණ අධ්‍යයන ආයතනය සමග එක්ව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මෙම විද්වත් කථිකාව සංවිධානය කොට තිබිණි. සමුළුවේ සියළු හවුල්කාර සංවිධාන සංවර්ධන අභිප‍්‍රායන් පිළිබ`ද තම දීර්ඝකාලීන අධ්‍යයනයන් ඇසුරින් සකස් කළ පර්යේෂණ පති‍්‍රකා මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණි.
පවතින සංවර්ධන මාදිලිය තුළ දුප්පතුන් වඩවඩාත් සංවර්ධනයෙන් ඈත්කොට ඇති බවටත් ඔවුන්ගෙන් ඇතැමෙක් සංවර්ධනයේ ගොදුරු බවට පත්ව ඇති බවත් පැහැදිලිය.එසේම සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක අපේක්ෂා කළ අසමානතා දුරු වනු වෙනුවට එම පරතරයන් වඩාත් ඉස්තුවීම ද දැකිය හැකිය. තවමත් සංවර්ධන ඉලක්ක ල`ගා කර නොගත් බොහෝ ජන කණ්ඩායම් ගැන සැලකීමේදී විශ්ෂයෙන් පෙනී යන කරුණක් වන්නේ එසේ ඔවුන් දිළි`දුකම තුළ ර`දවා තබන ප‍්‍රධාන සාධකය වී ඇත්තේ ස්වාභාවික සම්පත් හි`ගය බවයි. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වාභාවික සම්පත් මත පදනම් වූ කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය වැනි ප‍්‍රාථමික නිශ්පාදන කර්මාන්ත තුළින් යැපෙති. එසේම ස්වාභාවික පරිසරයේ වෙනස්වීම් හෝ දේශගුණික විපර්යාස වෙතින් මතු කෙරෙන ආපදාවන්ගෙන් වඩාත් සමීපව වීඩා වි`දින්නෝ ද ඔවුන්මය.එබැවින් සියළු ජන කොටස් ඇතුළත් කොට ගන්නා සහ පාරිසරික අගයයන් ආරක්ෂා කරගත හැකි තිරසාර සංවර්ධන මාදිලියක් පිළිබ`ද කෙරෙන සංවාදයට ඔවුන්ගේ අපේක්ෂාවක් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සංවිධානය කළ විද්වත් කථිකාව තුළ ඉදිරිපත් කොට සාකච්ඡුාවට ලක් කෙරුණු පර්යේෂණ සහ අධ්‍යයනයන්ගෙන් කියවුණේ එම ජන කොටස් ඉල්ලා සිටින සහ අපේක්ෂා කරන සංවර්ධන මාදිලිය කුමක්ද යන්න පිළිබ`ද දළ චිත‍්‍රයකි.

පාරිසරික සීමාවන් තුළ ආර්ථික සංවර්ධනය, චිරස්ථායීිබව සහ සම්පත් බෙදීයාමේදී සමානාත්මතාව, යහපාලනය සහ පාලනයේදී සමාජ සහභාගීත්වය, තිරසාර සංවර්ධන මාදිලි ස`දහා ගැලපෙන තාක්ෂණය අත්පත් කර ගැනීම,සහ තිරසාර සංවර්ධනය වෙත ල`ගා වීමේදී විවිධ සමාජ කණ්ඩායම් සහ ආයතනයන්හි කාර්යභාරයන් යන තේමාවන් ඔස්සේ විද්වත් කථිකාව දිගහැරිණි. තිරසාර සංවර්ධනය පිළිබ`දව මේවන විට වඩාත් උනන්දුවෙන් සාකච්ඡුා කරන සංවර්ධිත උතුරු අර්ධගෝලයේ රටවල් ස්වාභාවික සම්පත් පරිහරණයේ දි මතු කරන යම් සීමාවන් අප වැනි සමාජයන්ට එක`ග විය හැකිද යන ගැටළුව මෙහිදි ඉස්මතු විය. 2015 වසර අවසන් වන විට සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැන්ිම සම්බන්දයෙන් එක`ග වූ කාල සීමාව අවසන් වෙතත් සංවර්ධනයෙන් පිටත සිටින පිරිස් ඒ වෙත කැ`දවා ගැනීම වෙනුවෙන් දරණු ලැබූ උත්සාහයන් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට නැත. සම්පත් සමාන ලෙස බෙදීයාම විශේෂ වැදගත් කමක් සහිත මාතෘකාවක් වන්නේ එම සංවර්ධනයෙන් පිටත සිටින පිරිස් ඒ වෙත කැ`දවා ගැනීමේදි එය අත්‍යවශ්‍යය කොන්දේසියක් වන බැවිණි.

යහපාලනය පිළිබ`ද සාකච්ඡුාව මෙම මණ්ඩප තුළට නැවුම් පැමිණීමක් නොවුවද ලෝකය පුරා බොහෝ ඌණ සංවර්ධිත ජන සමාජ තුළ පාලනය සිමිත කුඩා කණ්ඩායම් වෙත සංකේන්ද්‍රණය වීමේ ප‍්‍රවණතාව දිනෙන් දින වර්ධනය වන තත්වය තුළ මෙම සාකච්ඡුාව වැදගත් කමක් උසුලයි. තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීමේ දී තාක්ෂණය සතු භූමිකාව කෙබ`දු විය යුතුද යන්න පිළිබ`ද සංවදය විශේෂ වනුයේ අප අත්පත් කර ගත යුත්තේ් කවර තාක්ෂණයද යන්න මෙහිදී විශේෂ අවධානයකට ලක් වූ බැවිනි. සංවර්ධිත රටවල් අත්පත් කොට ගෙන ඇති බටහිර මාදිලියේ තාක්ෂණය ස`දහා දැරීමට සිදුවන අධික පිරිවැය සහ එම තාක්ෂණය භාවිතයේ දී මතුවන ගැටළු කෙසේ කළමනාකරණය කරන්නේද යන්න හා සැස`දීමේ දී මෙම ජන සමාජ එතෙක් භාවිතා කළ සම්ප‍්‍රදායික තාක්ෂණික ශිල්ප ක‍්‍රම වැඩි දියුණු කොට පවත්වා ගෙන යෑමේ අවශ්‍යයතාවය මෙහිදී වඩාත් සංවාදයට ලක්විය.
තිරසාර සංවර්ධනය අතපත් කර ගැනීමේදී ඒ ඒ කණ්ඩායම් වෙත පැවරෙන කාර්ය භාරය පිළිබ`ද තේමාවේදී විශේෂයෙත් ඉස්මතු වූ කරුණක් වුයේ ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකයන් තුළ පෞද්ගලික අංශය විශාල ලෙස ප‍්‍රසාරණය ව ඇතත් තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේදී ඔවුන් සතු කාර්ය භාරය සම්බන්දයෙන් ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැති බවයි.

මෙම විද්වත් සමුළුව පසුබිම් කරගනිමින් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය ශ‍්‍රී ලංකාවේ පළාත් තුනක් ආවරණය වන ලෙස සංවිධානය කළ සිවිල් සංවිධාන නියෝජිත හමු තුළදි මතු වූ අදහස් වෙතින් මෙම කථිකාව තවදුරටත් පෝෂණය විය.

සංවර්ධනය පරිසර හිතකාමී විය යුතු බව මෙම සියළු නියෝජිතයන්ගේ පොදු පිළිගැනීම විය. එහිදී දේශීය සම්පත් වැඩි ඵලදායීාවයකින් යුතුව භාවිතා කළ හැකි ආකාරයෙන් දියුණු වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මෙම නියෝජිත සමුළුවලදී ප‍්‍රාදේශිය නියෝජිතයන් විශේෂයෙන් මතු කොට දැක්වූ කරුණක් වූයේ පරිපාලනයේ දී ජනතා සහභාගීත්වයේ වැදගත්කමයි. වර්තමානයේ ජන සහාභාගීත්වය සිදුවනුයේ තම තමන්ට සෘජුව බලපාන නිශ්චිත කරුණු වලදී කෙරෙන උද්ඝෝෂණ, ආදී විරෝධතාවන්ට පමණක් බවත්, එය ඉක්මවා රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබ`ද සංවාදයටද සාමාන්‍ය ජන සහභාගීත්වය උනන්දු කළයුතු බවත් මෙහිදී මතු විය.

ප‍්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සැමට ලබා දීම පිළිබ`ද සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ලෙස ජාත්‍යන්තරය සාකච්ඡුා කරද්දී, පා‍්‍රදේශීය නියෝජිතයින් ඉල්ලා සිටියේ අධ්‍යාපනයේ ගුණාත්මක අගයයන් තහවුරු කළ යුතු බවයි. සෞඛ්‍යය අවශ්‍යතා සම්බන්ධයෙන් ද වඩා දියුණු අපේක්ෂා ප‍්‍රාදේශීය නියෝජිතයින් සතු විය. ශ‍්‍රී ලංකාව ප‍්‍රාථමික සෞඛ්‍යය සංරක්ෂණ ඉලක්ක ඉක්මවා ඇති තත්වය තුළ ඔවුන් වෙතින් පැමිණියේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම වැනි වඩා දියුණු යෝජනාවන්ය. එසේම අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පොදු සේවාවන් සැපයීමේ දී විෂම ලෙස සම්පත් බෙදීයාම ඔවුන්ගේ පොදු විවේඡුනයට ලක් විය.

එසේම මෙම ප‍්‍රාදේශීය නියෝජිතයින්් මතු කළ වැදගත්ම අදහස වූයේ සංවර්ධනය පිළිබ`ද නිර්ණායන වඩා පළල් ඇගයීම් සමුදායක් මත සකස් විය යුතු බවයි. පුද්ගලයින්ගේ ප‍්‍රීතිමත් බව, මානසික සැහැල්ලූව සහ මානසික සුවතාවය වැනි සාදක ද මෙම නිර්ණායක සැකසීමේදී සැළකිල්ලට ගත යුතු බව ඔවුහු දැඩිව අවධාරණය කළහ.

Write on Tuesday, 07 January 2014

නූතන ජාතික රාජ්‍ය ඇතිවූයේ ඓතිහාසික වශයෙන් තිබුණු පැරණි වැඩවසම් ක‍්‍රමය බිඳවැටී නවීන ධනේශ්වර ක‍්‍රමය ඒ තැන ගැනීමෙන් පසුවය. ධනේශ්වර ක‍්‍රමය විසින් කැබලි වී තිබූ ආර්ථිකය ඒකාග‍්‍ර කෙරෙන ආකාරයට දේශීය වෙළෙඳපොළ මත පදනම් ජාතික ආර්ථිකයක් ඇති කළේය. ඊට සමාන ආකාරයකින් රාජ්‍යයද ඒකාග‍්‍ර කොට නිශ්චිත භෞමික දේශ සීමා ඇති, ඒකාග‍්‍ර නීති ක‍්‍රමයක් හා පරිපාලන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන ජාතික රාජ්‍ය ක‍්‍රමයක් ඇතිවිය. එම ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා වර්ග අනුව, ගෝත‍්‍ර අනුව, අදහන ආගම අනුව, කතා කරන භාෂාව අනුව, කුලය අනුව බෙදී සිටි එම රාජ්‍යයේ ජනයා එම දේශය මුල් කරගත් පොදු දේශානුරාගී හැඟීමකින් යුතු ජාතියක් බවට ඒකාග‍්‍ර කිරීමක් ද සිදුවිය. ඒ අර්ථයෙන් නවීන ජාතීන් ඇතිවීමේ ක‍්‍රියාවලියද ධනේශ්වර පරිවර්තන ක‍්‍රියාවලිය තුළ ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය.

යුරෝපයේ ඇතිවූ මෙම පරිවර්තනීය ක‍්‍රියාදාමය යටත්විජිත රටවල ඇතිවූයේ ඊට වෙනස් ආකාරයටය. එම රටවල ධනේශ්වර පරිවර්තනයක් ඇතිවූයේ සමාජ ක‍්‍රමයේ අභ්‍යන්තර සාධක පුපුරායෑමේ ප‍්‍රතිඵලයක් වහයෙන් නො ව ඒ රටවල් අල්ලාගෙන සිටි යටත්විිත පාලකයන් විසින් බාහිර වශයෙන් ඇති කරන ලද බලපෑමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. විසුරුණු තත්ත්වයක තිබූ දේශපාලන බලය අල්ලා ගත් යටත්විජිත පාලකයන් ඒවා ඒකාබද්ධ කොට නිශ්චිත පොදු ජන දේශසීමා ඇති ඒකාග‍්‍ර නීතියක් හා පරිපාලන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන නවීන රාජ්‍යයක් බවට පත් කළේය. එහෙත් ඒවාහි ජීවත්වන ජනතාව සිටියේ වැඩවසම් මානසික රාමුවකය. ඔවුහු තමන් අයත් වර්ගය, කුලය, අදහන ආගම හා කතා කරන භාෂාව අනුව බෙදී සිටියේය. ඔවුන් පොදු දේශානුරාගයකින් යුතු පොදු ජාතියක් බවට පත්ව නොසිටියේය. සිතුම් පැතුම් හා ආකල්ප ප‍්‍රමාණවත් තරමින් නවීන කරගනිමින් පොදු බවක් ඇතිකර ගැනීමට හේතුවන යුරෝපයේ ඇතිවූ ආකාරයේ මහා සිද්ධීන්ද ඇති නොවීය. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන් යටත්විජිතවාදී ධනේශ්වර ක‍්‍රමයක් සමග රාජ්‍ය ඒකාග‍්‍ර කොට ජාතික රාජ්‍යයක් ඇතිකර තිබුණද ඔවුන් අතින් ජාතිය ඒකාග‍්‍ර කිරීමක් සිදු නොවීය.

ඒකාග‍්‍ර ජාතියක් ඇතිකර ගැනීමේ ප‍්‍රශ්නය නිර්මාණාත්මක හා ප‍්‍රායෝගික ලෙස විසඳාගැනීමේ වගකීම පැවරී තිබුණේ නිදහස ලැබීමෙන් පසු බලයට පත්වන දේශීය දේශපාලනකාරයන්ටය. ඒ සඳහා වන ශක්තිමත් දැක්මක් ඉන්දියානු නායකයන්ට තිබුණද අපේ රටේ නායකයන්ට නොතිබුණි. ඉන්දියානු නායකයන් නිදහස් අරගලයෙන් අපේක්ෂා කළේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් රට නිදහස් කරගැනීම පමණක් නොවේ. ඒ අරගල ක‍්‍රියාවලිය තුළ බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍යක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කරන එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමට අරමුණු කරගනිමින් බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගැනීම සඳහා කරන අරගලය තුළම එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම සඳහා ක‍්‍රියා කළේය. එහෙත් අපේ රටේ සියලූ දේශපාලන නායකයන්ට තිබුණේ බි‍්‍රතාන්‍ය සතු බලය තමන් සතුකර ගැනීමේ ආශාව පමණය. එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව කිසිදු ශක්තිමත් දැක්මක් ඔවුන්ට නොතිබුණි.
නිදහස ලැබීමෙන් පසුව අපේ නායකයන් ඉදිරියට යන්නට උත්සාහ කළේ ද එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව මුළුමනින් නොසලකාය. ඒ නිසා එක ලේ බිඳකුදු නොසොල්වා නිදහස හිමි කරගත් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය. ජාතිය ගොඩනගනවා වෙනුවට ජාතිය කැබලි කෙරුණා පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයද මහා විකෘතියක් බවට පත්විය. ඒ ආශ‍්‍රයෙන් රටේ සමාජ ක‍්‍රමයේත්, ආණ්ඩුක‍්‍රමයේත් ඇතිවී තිබෙන අවුල්සහගත විකෘති තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ සම්පූර්ණ කරගැනීමට අසමත්ව තිබෙන එම ඓතිහාසික කාර්යයන් දෙක සම්පූර්ණ කරගැනීමෙන් පමණය. ශ‍්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ප‍්‍රශ්නයේ අරටුව සකස් වී තිබෙන්නේද එම ප‍්‍රශ්න දෙකෙනි.

එක්සත් ජාතියක් ගොඩනැගීම පිළිබඳ ප‍්‍රහ්නය සකස් වී තිබෙන්නේ වර්ගය, කුලය හා ආගම මුල්කරගෙනය. පහසුවෙන් වෙන් නොකළ හැකි තරමට එකට බැඳී තිබෙන ප‍්‍රශ්න තුනක් ලෙස සැලකිය හැකි මේ ප‍්‍රශ්න අතුරෙන් වර්ගය හා ආගමය යන ප‍්‍රශ්න දෙක විශාල ලෙස සලකා බලා ඇති ප‍්‍රශ්න දෙකක් ලෙස සැලකිය හැකි වුවත් කුලය පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රමාණවත් තරමින් සාකච්ඡුාවට ලක්වී නැති ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මෙම ලිපියෙන් සංක්ෂිප්ත වශයෙන් සලකා බැලෙන්නේද එම ප‍්‍රශ්නයයි.
ලංකාවේ කුලය පිළිබඳ සාධකය සැඟවී සිට ක‍්‍රියාකරන, සැඟවී සිට මැසිවිලි නගන හා සැඟවී සිට කලබල ඇති කරන සාධකයක් ලෙස සැලකිය හැකිය. එය පැරණි වැඩවසම් ක‍්‍රමයෙන් උරුම වී තිබෙන දායාදයකි. එය ඒ යුගයේ ශ‍්‍රම විභජනය සඳහා යොදා ගැනුණු සංවිධාන ක‍්‍රමයක් විය. කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක්ය යන විශ්වාසය නිසා තමන්ට වඩා උසස් කුලීනයන්ට බැල මෙහෙවර කිරීම තමන් වෙත පැවරී තිබෙන යුතුකමක් ලෙස නිහඬව බාරගන්නට කුලහීනයන්ට සිදුවී තිබුණේය. මහනුවර යුගයේදී ගොවි කුලය උත්තම ස්ථානයෙහි ලා සැලකුණු අතර අන් සියලූදෙනා සැලකුණේ අඩු කුලවලට අයත් ජනයා ලෙසය. කුලයට පිවිසීම උත්පත්තියෙන් සිදුවූ හෙයින් එම සමාජ ව්‍යුහය තුළ සමාජ සචලතාවක් නොවීය. සෑම මිනිසකුටම ඔහුගේ කුල තත්ත්වය වෙනස් කළ නොහැකි උරුමයක් වූ අතර සමාජ ජීවිතය සේ ම චර්යාව ද පාලනය කළේය. ඔවුන්ගෙන් බදු අයකර ගත යුතු අන්දම තීරණය කළ අතර ඔවුන්ගේ නීතිමය අයිතිවාසිකම් හා යුතුකම් කෙරෙහිද කුලය බලපෑවේය. එය ජනතාවගේ ආත්ම සංයත ස්වාධීන සමාජ නියමයක් පමණක් නොව වැඩවසම් රජය විසින් සුරක්ෂිත කොට පාලනය කොට ස්ථාවර කරන ලද සමාජය පිළිබඳ නිල ක‍්‍රමයක්ද විය.
ධනේශ්වර ක‍්‍රමයට නිෂ්පාදන මාර්ගවලට හිමිකම් කියන ධනපතියා හා ශ‍්‍රමය මුදලට විකුණන කම්කරුවා මුල් කරගත් ශ‍්‍රම විභජන ක‍්‍රමයක් තිබුණු අතර ධනේශ්වර ක‍්‍රමය විසින් කුල ක‍්‍රමය දුර්වල කරනු ලැබුවත් මුළුමනින් විනාශ කිරීමක් සිදු නොවීය. ධනේශ්වර ක‍්‍රමය නීතිය ඉදිරියේ සියලූදෙනා එකසමාන ලෙස පිළිගත්තද කුල ක‍්‍රමය මුල් කරගත් අසමානතා තවදුරටත් පැවතුණි.

පූර්ව යටත්විජිත කාලයේ සිට වර්තමානය දක්වා වන කාලය තුළ යාපනේ තරුණ සංගමය හැර කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සිය විමුක්ති න්‍යාය පත‍්‍රයට කුලය පිළිබඳ සාධකය ඇතුළත් කරගත්තේ නැත. එහෙත් රටේ ඇතිවන ලේ වැගිරීම් හා කලකෝලාහල කෙරෙහි කුලය බලපෑවේය. 1929දී ඩොනමෝර් කොමිසම ඉදිරියටත් නැවත 1944දී සෝල්බරි කොමිසම ඉදිරියටත් ගිය සමහර පීඩිත කුල සංවිධානවල නියෝජිතයන් ගොවිගම හා වෙල්ලාල බහුතරයේ ආධිපත්‍යය වළකන නියෝජන ක‍්‍රමයක් ඉල්ලා සිටියේය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දෙවැනි ජේවීපී කැරැුල්ලෙන් පසුව තරුණ අසහනය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව දකුණේ තරුණ සිංහල කැරලි කෙරෙහි සේ ම උතුරේ තරුණ දෙමළ කැරැුල්ල කෙරෙහිද කුල සාධකය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පිළිගත්තේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හෝ එල්ටීටීඊය පවා කුල අසාධාරණකම් ගැන ප‍්‍රසිද්ධියේ කතා කළේ නැත. එහෙත් එල්ටීටීඊය තත්වාකාර රාජ්‍යයක් ගොඩනැගීමෙන් පසු ඔවුන් ප‍්‍රකාශ කළ දණ්ඩ නීති සංග‍්‍රහයෙන් කුලය මත පදනම් වී කරන වෙනස්කම් දඬුවම් පැමිණවිය හැකි වරදක් බවට පත්කර තිබුණි.

නම් වෙනස් කරගැනීම සඳහා පුවත්පත්වල පළවන දැන්වීම්වලින් පමණක් වුවත් කුලය ආන්තික කුල කෙරෙහි ඇතිකර තිබෙන පීඩාවේ තරම තේරුම් ගත හැකිය. නම හා වාසගමෙන් පුද්ගලයකු අයත් කුලය හඳුනාගත හැකිය. නම හා වාසගම වෙනස් කරගැනීම මගින් අපේක්ෂා කරන්නේ කුලය විසින් ඇතිකර තිබෙන නින්දාසහගත තත්ත්වයෙන් අත්මිදීමය. අඩුම වශයෙන් තමා අයත් කුලය පහසුවෙන් හඳුනාගත නොහැකි තත්ත්වයක් ඇතිකර ගැනීමය.
ජාතිය ගොඩනැගීමේ න්‍යාය පත‍්‍රයට කුල සාධකයද අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.

Write on Tuesday, 07 January 2014

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙහි 2009 / 2010 සංඛ්‍යා ලේඛණවලට අනුව, දළ වශයෙන් ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් 8.9%ක්, නැතහොත් පුද්ගලයන් මිලියන 1.8ක් දුප්පත්ය. මුළු ජනගහනයෙන් 22. 7%ක් දුප්පත්යැයි හඳුනා ගැනුණු 2000 සමඟ සන්සන්දනය කර බලන විට මෙය කැපී පෙනුණු වර්ධනයක් වන අතර, 2015 වර්ෂය වන විට දරිද්‍රතතාව අඩකින් අඩු කිරීමේ සහශ‍්‍ර සංවර්ධන ඉලක්කය වෙත, ශී‍්‍ර ලංකාව ළඟා වී ඇති බව පෙන්නුම් කරයි. කෙසේ වුවද, රටේ සැබෑ දරිද්‍රතා තත්ත්වය මෙම සංඛ්‍යාවන්ගෙන් කොතරම් සමීප ලෙස පිළිබිඹු වන්නේද යන කාරණය පිළිබඳව සෑහෙන මතභේද පවතී. කොළඹ පිහිටි දරිද්‍රතා විශ්ලේෂණ කෙන්ද්‍රයේදී මෑත දී කරන ලද දේශනයකදී, ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් සහ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ බාහිර සාමාජිකයකු වන විමල් නානායක්කාර මහතා, දුප්පතුන් කවුරුන්ද, ඔවුන් ස්ථානගතව ඇත්තේ කවර ස්ථානයන්හිදීද යන කාරණය සම්බන්ධයෙන, ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාව පිළිබඳව ජන හා සංඛ්‍යා ලේඛණ දේපාර්තමේන්තුවෙහි තිබෙන දත්ත ඇසුරින් විශ්ලේෂණයක් කළේය.

ඔහුගේ විග‍්‍රහයට අනුව දරිද්‍රතාව පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අවධානය යොමු කිරීමේදී ශී‍්‍ර ලංකාව ඉතාමත් යහපත් තත්ත්වයක පවතින බව පෙනේ. සමස්ත ජනගහනයෙන් 10% ක දරිද්‍රතාව, පිළිවෙලින් ජනගහනයෙන් 40%ක්, 30%ක් හා 28%ක් දුගීන් යැයි හඳුනා ගැනෙන බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි අසල්වැසි රටවල් හා සැසඳීමේදී හොඳ තත්ත්වයකි.

මූලික අවශ්‍යතා මල්ලක වියදම ගණනය කිරීමෙන් ලබා ගන්නා ‘‘අන්ත දුගී රේඛාව’’ (්ඉිදකමඑැ ඡුදඩැරඑහ ඛසබැ* මත පදනම්ව ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාව ගණන් බැලීම සිදු කෙරේ. එක් පුද්ගලයකුට එක් දිනකට අවශ්‍ය වන කැලරි 2030 හෝ අවම පෝෂණ අවශ්‍යතාව සපුරා ලීම පිණිස අවැසි ආහාර ද්‍රව්‍යවලින් හා ආහාර නොවන වෙනත් මූලික අවශ්‍යතාවලින් මෙම මල්ල සැකසී තිබේ. 2009 වසරේදී මෙම මල්ලෙහි වටිනාකම 3028ක් යැයිි ගණන් බලන ලද අතර, මසකට ඒක පුද්ගල වියදම මීට වඩා අඩු පවුල් (්‍යදමිැයදකාි* දුගී යැයි හඳුනා ගැණින.

දුගී යැයි හඳුනා ගැණුනු මිලියන 1.8ක ජනකායකගෙන් විශාල බහුතරයක්, නොඑසේනම් 84.7%ක් ගම්බද ප‍්‍රදේශවල ජීවත් වෙති. දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනයාගේ අනුපාතය නාගරික හා ගම්බද ප‍්‍රදේශවල අඩකට වඩා වැඩි ප‍්‍රමාණයකින් අඩු වී තිබේ. නාගරික ප‍්‍රදේශවල මෙය 1990 වසරේදී පැවැති 16.3% සිට 2009 දී 5.3% දක්වා අඩු වී ඇති අතර, මෙම කාලය තුළම ගම්බද ප‍්‍රදේශවල එය 29.4% සිට 9.4% දක්වා අඩු වී තිබේ. වතු අංශයේද දරිද්‍රතාව අඩු වී ඇති නමුදු එම වේගයෙන්ම නොවේ. 1990 දී පැවැති 20.5% සිට 2009 දී 11.4% දක්වා අඩු වී තිබේ. ( 2006 දී 32% සිට 2009 දී 11.4% දක්වා ඇති සීග‍්‍ර අඩුවක් පෙන්නුම් කළ ද* ගත වූ විසි වසරක කාලය තුළ මිලියන 2.6ක ජනයා දරිද්‍රතාවෙන් මිදී ඇති බව මෙම සංඛ්‍යාවලින් ඇඟවේ.

කෙසේ වුවද, ආදායම සහ වියදම ජීවිතයේ ගුණාත්මක බව මැනීමේ ප‍්‍රමාණවත් මිණුම් නොවන බව බොහෝ කලක් තිස්සේ විවේචනයට ලක් වෙමින් පවතින අතර, මෙම ඌණතාව මඟ හැරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මඟින් හඳුන්වා දී ඇති, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජීවන තත්ත්වයන් සෘජුව ගණනය කිරීමෙන් ලබා ගන්නා බහුමාන දරිද්‍රතා දර්ශකය (ඵඡුෂ* මුදල් මිණුම් ක‍්‍රමවල දුර්වලතා මඟ හැරීම ඉලක්ක කොට පවතී. මෙම දර්ශකය මාන තුනක් හරහා එක සමානව මැන බලනු ලබන අතර, සෞඛ්‍ය මානය සඳහා දර්ශක (අවශ්‍ය කැලරි ප‍්‍රමාණය 80%ට වඩා අඩුවෙන් ගැනීම, නිවසේ ගෘහ මූලිකයා කලක් තිස්සේ පවතින රෝගයකින් පෙළීම හෝ ආබාධිතව සිටීම* අධ්‍යාපන මානය සඳහා (නිවෙසක කිසිවෙක් අවුරුදු පහකට වඩා අඩුවෙන් පාසල් නොගොස් සිටීම, පාසලකට ඇතුළත් කර නැති ප‍්‍රාථමික පාසල් වයසේ ළමයින් සිටීම* ජීවන තත්ත්ව මානය සඳහා (විදුලිය, පිරිසිදු ජලය, සනීපාරක්‍ෂක පහසුකම් ආදිය නැති නිවාස*. බහුමාන දරිද්‍රතා දර්ශකය සඳහා (ඵඡුෂ* සම්බන්ධයෙන්, ශී‍්‍ර ලංකාව අන්ත දරිද්‍රතා රේඛාවට වඩා ඉහළින් සිටින අතර, දරිද්‍රතාවෙන් පෙළෙන්නේ රටේ සමස්ත ජනගහනයෙන් 4.7%ක් බව හඳුනා ගෙන ඇත.

ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාවෙහි අවකාශමය ලක්‍ෂණයක් පවතින බව එකිනෙක දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතාව දෙස බැලීමේදී පැහැදිලි වෙයි. ජනගහනයෙන් 20.3%ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින මඩකලපු දිස්ති‍්‍රඛකය දරිද්‍රතා ප‍්‍රවණතාවේ ඉහළින්ම දැක්වේ. යාපනය, මොනරාගල හා බදුල්ල යන දිස්ති‍්‍රක්ක ඊට පහළින් සිටියි. මීට ප‍්‍රතිවිරෝධීව කොළඹ, ගම්පහ, වව්නියාව යන දිස්ති‍්‍රක්කවල දරිද්‍රතා ප‍්‍රවණතාව 5%කට අඩුය.

දරිද්‍රතාව පිළිබඳ මෙම චිත‍්‍රය අප‍්‍රසන්න ලක්‍ෂණ කිහිපයක් සඟවනවා විය හැකිය. උදාහරණ ලෙස, පසුගිය විසි වසර තුළ මිලියන 2.6% ජනතාවක් දරිද්‍රතා රේඛකාවෙන් බේරී ඇතැයි ගණනය කළද, මේ ජනයා තවමත් දරිද්‍රතා රේඛාව සමීපයේ භයානක ලෙස රැුඳී සිටිනවා විය යුතුය: ලෙඩ රෝග, ආර්ථික උද්ධමනය, ස්වභාවික විපත් ආදී හදිසි කම්පන ගණනාවක් හේතුවෙන් තවත් ජනයා දරිද්‍රතා රේඛාවෙන් පහළ වැටීමේ අන්තරායද පවතී. දරිද්‍රතා රේඛාවේ සුළු සීරුමාරුවක් කිරීමෙන් එය 10%කින් වැඩි කිරීමෙන් අමතර 800,000ක් දුප්පතුන් ලෙස හඳුනා ගැනෙනු ඇත. ඒ හා සමානවම බහුමාන දරිද්‍රතා දර්ශකය (ඵඡුෂ* සම්බන්ධයෙන්ද, දුගීභාවය නතර වීමේ ලක්‍ෂ්‍යය 30% සිට 20% කිරීමෙන් අතිරේක මිලියන 1.9ක ජනකායක් දුප්පත් යැයි හඳුනා ගැනෙනු ඇත.

නිවාසා අතර අදායාම බෙදී යෑම දෙස බැලීමෙන් මෙම කරුණ තව දුරටත් පැහැදිලි කළ හැකිය. පහළම දශමක හතරේ නිවාසවල අවම ආදායම් එකිනෙකට සමීපව පවතින අතර, සියළු දෙනාගේ ආදායම මසකට රු. 17,833කට වඩා පහළය. තව දුරටත්, පවුල්වලින් 30%කට වැඩි කොටසකගේ මාසික ආදායම ජාතික සාමාන්‍ය ආදායමට වඩා අඩුය. ඊට පරස්පරව, ආදායම බෙදී යෑමේ අනෙක් කෙළවරේ ඉහළම දශමකයන්ට අයත් පවුලකට මසකට රු. 140,000කට නඩා අදායමක් ඇත. පහළම දශමක හතරේ නිවාස එක්ව ගත් කල පවුල් ආදායමෙන් 13%කි. ඉහළම දශමකයට අයත් පවුල් සමස්ත ආදායමෙන් 39.5%කට හිමිකම් කියති.

ශී‍්‍ර ලංකාවේ දුගීභාවය හා නැති බැරිකම අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් මෙයින් අදහස් වන්නේ කුමක්ද? දරිද්‍රතා රේඛාව වැනි දරිද්‍රතා මැනීමේ ලක්‍ෂ්‍යය මිණුමක් මත විශ්වාසය තැබීමෙන් ලැබෙන්නේ චිත‍්‍රයෙන් අඩක් පමණක් බව පැහැදිලිය. මෙයින් ඉන්ධන හා සෞඛ්‍ය අවශ්‍යතා ගණන් නොගෙන, පුද්ගලයකුගේ අවම ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවාස පමණක් නොව ඉන්ධන, සෞඛ්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා මූල්‍ය අවශ්‍යතාව දිනකට රුපියල් 100ක් ලෙස පරිවර්තනය වන, මසකට රුපියල් 3028ක් ප‍්‍රමාණවත් වීම පිළිබඳ ප‍්‍රශ්න පැන නගී. දරිද්‍රතා රේඛාවේ සුළු වෙනස්කම් වුවද, රටේ දරිද්‍රතා තත්ත්වය සැලකිය යුතු ප‍්‍රමාණයකින් වෙනස් කරන බැවින්, දුගීභාවය පිළිබඳ ලක්‍ෂ්‍ය මිණුම්වලට ජනගහනය පුරා දරිද්‍රතාව බෙදී පිළිබඳ දත්තද එකතු කළ යුතුය.

දරිද්‍රතාව පිළිබඳ සැබෑ චිත‍්‍රයට අප අතිශයින්ම සමීප බව සහතික වනු පිණිස, දරිද්‍රතාව පිළිබඳ දත්ත රැුස් කිරීමේ වෙනත් ක‍්‍රම හා මුලාශ‍්‍ර සමඟ ති‍්‍රකෝණකරණය කළ යුතුය. උදාහරණ ලෙස, මෑත අවුරුදුවලදී කරන ලද සුළු අධ්‍යයනයන් කිහිපයකින් මතු වූ වතු අංශයේ සෞඛ්‍ය මානය සම්බන්ධයෙන් ඵඡුෂ දර්ශකයේ දැක්වෙන්නේ පහළ මට්ටමේ දරිද්‍රතා ප‍්‍රවණතාවකි. අනෙක් අතට, වතු අංශයෙහි 2006 වසරේදී 32% සිට 2009 දී 11.4% දක්වා මුදල් මිණුම් දරිද්‍රතාවෙහි (ඵදබැහ ඵැඑරසජ ඡුදඩැරඑහ * දළ අඩු වීම, නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ මඟින් සපයා ගත් සෙසු දත්ත මඟින් තහවුරු කර නොමැති වීම මෙම සංඛ්‍යාවන් පිළිබඳ විශ්වසනීයත්වයට හානි සිදු කරයි.

සමස්තයක් ලෙස පසුගිය විසි වසර තුළ දුගීභාවයේ ප‍්‍රවණතාව අඩු වීම පිළිබඳව අප සතුටු විය යුතු අතර, අඩු ආදායම් තුළ ජනගහනය ඒකරාශී වීම අඟවන්නේ තිරසාර දරිද්‍රතාව දුරලීමක් තහවුරු වීම පිණිස වඩා වැඩ ප‍්‍රමාණයක් අවශ්‍ය බවයි.

Write on Thursday, 12 December 2013
 

Would you find an upside down world map to be strange? Why? Because it does not look 'normal' in your eyes? What if you found that the world map that you call 'normal' - The Mercator Projection - portrays a distorted visual of the world? 

 

Write on Friday, 29 November 2013

The information from the pre-symposium events with civil society stakeholder groups was collated and visualised against the goals and priorities of other platforms discussing the post-2014 development agenda, such as the UN High Level Panel and The World We Want platform.

Civil society table

 

world we want

 

HL panel21