Reimagining Development - CEPA
09 January 2014

‘Development’ has shaped countless lives and changed the landscape of entire countries. Yet, it is often used without a very clear idea of what it means - in relation to what ‘development’ really is, and what it comprises. In mainstream thinking, “development” is often associated with economic advancement and social progress. However, the mainstream perspective should be challenged as there is unresolved tension between material progress on the one hand, and the understanding of what constitutes human wellbeing on the other. In this context, a ‘reimagining’ of development – what it is as well as how we get there, or critically assessing whether the concept is obsolete to meet current challenges – may be opportune. Thus, it is vital that the reimagining dialogue includes a component in which we look at development through film as the role of the arts in releasing human potential is a central element to the essence of development.

To initiate this dialogue on reimagining development through film, the Center for Poverty Analysis (CEPA) in collaboration with Agenda 14 wishes to announce a film competition that awards sponsorships by way of small grants to prospective filmmakers that are interested in portraying ‘development’ in novel and creative ways through film.

Those interested in participating in this competition are requested to download and fill the form below and post it to CEPA No.29, Gregory's Road, Colombo 07 ( clearly marked as  Project Proposal for Film Production on the left hand corner of the envelope) before the 15th of January 2014.

 

07 January 2014

පළාත් පාලන ආයතන වල අයවැය පරාජය වීම හේතුවෙන් එම පළාත් පාලන ආයතන විසිරුවා හැරීමට සිදුවීම ඉකුත් සතිදෙක තුන තුළ රටේ අලූත් දේශපාලන උණුසුමක් මතුකළා. අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කරන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට පක්ෂ ලේකම් වරයා අනතුරු ඇගවුවත්, ජනාධිපති පක්ෂ නායකයා ලෙස තම පක්ෂයේ සියළු පාළාත් පාළන නියෝජිතයින් කොළඹට කැදවා තදින් අවවාද කළත් මේ කඩාවැටීම වළක්වා ගැනීමට එය ප‍්‍රමාණවත් වූයේ නැහැ. මේ දේශපාලන කැළඹීම් අතරේ අම්බලන්ගොඩ නගර සභාවේ 2014 වර්ෂයේ අයවැය සද්ද බද්දයකින් තොරව සම්මත වුණා. ඒත් සද්ද නගා රටට කිවයුතු වටිනා ආදර්ශයක් මේ අයවැය ලේඛණයේ ඇතුළත් වූ නිසාම අම්බලන්ගොඩ නගර සභාවේ අයවැය මෙවර අපිට මාතෘකාවක් වුණා.

ප‍්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේ ප‍්‍රධාන අරමුණ වනුයේ කුඩාම ප‍්‍රාදේශීය ඒකක දක්වා දේශපාලන බලතල විමධ්‍යගත කිරීම වූවත් කල් යත්ම ප‍්‍රාදේශීය සභා යනු ජාතික දේශපාලනයට බිරියන් පුතුන් පුරුදු පුහුණු කරන මධ්‍යස්ථාන බවටත් ප‍්‍රාදේශීය මැරයන්ට දේශපාලන රැකවරණය සලසන ගුහාවල් බවටත් පත්වීම සුලභව සිදුවූ දෙයක්. මේ තත්වය වෙනස් කිරීම වෙනුවෙන් විවිධ යෝජනා හා සාකච්ඡ කලක සිට ඉදිරිපත් වුණා. මේ සියළු යෝජනාවල හරය වුණේ පළාත් පාලන ආයතන එම ප‍්‍රදේශයේ වෙසෙන සාමාන්‍ය ජනයාට අත පෙවිය හැකි දුරකට රැගෙන ඒම. පළාත් පාලන ඡන්ද විමසීමේ දී සමානුපාතික ඡන්ද ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු සංශෝදන කීපයක් පළාත් පාලන පණතට ගෙන ඒමට රජය කටයුතු කළේත් මේ අවශ්‍යතා මුල් කොට ගෙන. රජයෙන් යෝජිත මේ සංශෝදන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වලින් ගෙන එන විවිධ යොජනා වලට අම්බලංගොඩ නගර සභාව කලක සිට ඉතා සංවේදීව ප‍්‍රතිචාර දැක්වූවා. යහ පාලනය, වගවීම සහ ජන සහභාගීත්වය සම්බන්දයෙන් ඔවුන් දැක්වූ මේ සංවේදී ප‍්‍රතිවාරයේ ප‍්‍රතිඵලය වුණේ කාර්ය සාධනය සම්බන්දයෙන් රජයේ ඇගයීම් වලදී අම්බලන්ගොඩ නගර සභාව සෙසු පළාත් පාලන ආයතන අභිබවා කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණිම. මේ ලත් ජයග‍්‍රහණත් සමගම 2014 වර්ෂයේ අයවැය සකස් කිරීමේ දී නගර සභා බල ප‍්‍රදේශයේ ජීවත් වන සාමාන්‍ය ජනයා සෘජුව ඊට සම්බන්ධ කරගැනීමටත් ඔවුන්ගේ යෝජනා ඉදිරි වර්ෂයේ අයවැය යෝජනා ලෙස සම්මත කරගැනීමටත් අම්බලන්ගොඩ නගර සභාව මෙවර ඉදිරි පියවරක් තැබුවා.

මේ ඉදිරි පියවර අප හා විස්තර කළේ නගර සභාවේ සංවර්ධන නිලධාරී එම්.ජී.ආර් පුෂ්ප කුමාර මහතා.

’’ගරු නගරාධිපති තුමාගෙ උපදෙස් අනුව, අපේ නගර සීමාවට අයත් ග්‍රාමසේවා වසම් දහතුනේම වෙන වෙනම ප‍්‍රජා රැස්වීම් කැදවලා අපි කරන්න යන දේ ගැන මිනිස්සුන්ට පැහැදිළි කළා. ගම පුරාම පෝස්ටර් ගහලා ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් දැනුම් දීල මේ රැස්වීම කැදවපු නිසා ගමේ පොදු කටයුතු ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙක් රැස්වීමට ඇවිත් හිටියා. ඒ ඒ කොට්ඨාශ නියෝජනය කරන නාගරික මන්ත‍්‍රී වරයා තමයි මේ රැස්වීම් වල මුලසුන දැරුවෙ. එතනදි ආණ්ඩු පක්ෂෙ ද විපක්ෂෙ ද කියලා භේදයක් තිබුණෙ නැහැ. මේ රැස්වීමට පැමිණි පිරිස අතරින් සභාපති, ලේකම් භාණ්ඩාගාරික ඇතුළු නිළධාරීන් පත්කර ගත්තා. මේ නිළධාරීන් ප‍්‍රමුඛ සමිතිය තමයි එම කොට්ඨාශයේ ග‍්‍රාම සංවර්ධන සමිතිය හැටියට දැන් කටයුතු කරන්නෙ.

මේ රැස්වීමෙදි අපි ඔවුන්ට පැහැදිලි කළා නගර සභාව විසින් පසුගිය වසර වලදී ඔවුන් ගේ ප‍්‍රදේශ වල කරන ලද සංවර්ධන කාර්යයන් ගැන. එසේම ඉදිරි වසරේ දී කළ යුතු දේ ගැන අපි ඔවුන්ගේ අදහස් සහ යෝජනා ඉල්ලා සිටියා. මෙසේ ඔවුන්ගෙන් ලබාගත් යෝජනා ග‍්‍රාම සංවර්ධන උපදේශක කාරක සභාවට යොමු කළා. උපදේශක කාරක සභාව හැදිලා තියෙන්නෙත් ඒ ඒ කොට්ඨාශ වල පදිංචි කොට්ඨශයට එක් අයෙකු බැගින් තෝරා ගත් දැනුම් තේරුම් ඇති දැන උගත් නියෝජිතයින් දහතුන් දෙනෙකුගෙන්. ඔවුන් තොරා ගැනෙන්නෙ අර ග‍්‍රාම සංවර්ධන සමිතියේ කැමැත්තෙන්. මේ උපදේශක කාරක සභාව විසින් අර ගම් මට්ටමින් පැමිණි සංවර්ධන යෝජනා ප‍්‍රමුඛතා ගත කෙරෙනවා. මෙසේ ප‍්‍රමුඛතා ගත කෙරුණු සංවර්ධන යෝජනා තමයි 2014 අයවැය යෝජනා ලෙස මෙවර නගර සභාවෙ දි වැඩි ඡන්දයෙන් සම්මත වුණේ. ’’
මෙසේ මහජනයා වෙතින් යෝජනා කැදවුවත් මේ යෝජනා ක‍්‍රියාත්මක වෙද්දි ඒවායේ ප‍්‍රතිලාභ උපරිම වශයෙන් මහජනයාට ලැබෙන බවට ඇති සහතිකය කුමක්ද? මේ ඉදිකිරීම් වල කොන්ත‍්‍රාත් කරුවන් කව්ද? ඒ ඒ ව්‍යාපෘති සඳහා වැයවන මුදල් ගැන ජනතාව දැනුවත්ද? මේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු සැපයුවේ අම්බලන්ගොඩ නගරාධිපති නීතීඥ එම්.ඩබ්.අරුණ ප‍්‍රදීප් මහතායි.

’’ කාලෙක ඉදලම අපි නගර සභාවෙ අරමුදල් වලින් කෙරෙන බොහෝ ඉදිකිරීම් කරන්නෙ නගර සභාවෙ වැඩ දෙපාර්තමේන්තුවෙන්මයි. පාවිච්චි කෙරෙන්නෙ අපේ යන්ත‍්‍ර සූත‍්‍ර. මේ නිසා අපිට ලොකු වියදමක් ඉතිරිකරගන්න පුළුවන් වෙලා තියනවා .මේ අයවැය යෝජනාවලදි අපි කොන්ත‍්‍රත්තුව පවරන්නෙ ඒ ඒ කොට්ඨාශ වල ගොඩනගපු ග්‍රාම සංවර්ධන සමිති වලටයි. ගමේ මිනිස්සු දන්නවා ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්තුව කීයද, ගමේ ගල් කියුබ් එක කීයද, වැලි කියුබ් එක කීයද, කම්කරු කුලීය කීයද කියලා. එතකොට ග‍්‍රාම සංවර්ධන සමිතියෙදි මේ ඕන දෙයක් ප‍්‍රශ්ණ කරන්න තොරතුරු දැනගන්න අයිතිය සාමාන්‍ය මිනිස්සුන්ට තියනවා. ඊට අමතරව මේ රටේ ඕනම පුරවැසියෙකුට අපේ වෙබ් අඩවියෙන් අපි කරන වැඩ ගැන ඕනම තොරතුරක් දැනගතහැකි ලෙස අපි අපේ වෙබ් අඩවිය යාවත්කාලීන කරනවා. ඒ හරහා විදේශ ගත ශී‍්‍ර ලාංකිකයින් පවා අපිට ප‍්‍රතිචාර දක්වනවා. මෙසේ සාමාන්‍ය ජනයා ඉතා සමිපව නගර සභාවේ කටයුතු වලට මැදිහත් වීමෙන් තමන්ගේ බලය සහ වටිනාකම අහෝසි වේ යැයි යන අදහස අපි මේ වැඩසටහන් පටන් ගත් මුල් යුගයේ අපේ මන්තී‍්‍රවරුන් අතර තිබුණත් දැන් අපි ඒ අභියෝග ජයගෙන හමාරයි. අම්බලන්ගොඩ නගර සභාවෙ කටයුතු ගැන දන්න කෙනෙක් දැන් කොන්ත‍්‍රාත් කිරීමේ හෝ මුදල් ඉපයීමේ අරමුණෙන් මේ නගර සභාවට තරග කරන්නෙ නැහැ. දැන් කොට්ඨාශ ක‍්‍රමය නැවත පළාත් පාලන ඡන්ද විමසීමට පැමිණීමත් සමග තමන් නියෝජනය කරන කොට්ඨාශයේ ඡන්ද දායකයින් සමග සමීපව සිටීම අනිවාර්ය නිසා මන්ත‍්‍රීවරුන්ටත් මීට හැඩගැසීම හැර විකල්පයක් නැහැ.’’

අම්බලන්ගොඩ පටබැදිමුල්ල කොට්ඨාශයේ ග‍්‍රාම සංවර්ධන සමිති නියෝජිතවරියක් වන ඒ. ඩබ්. ජයන්තා නන්දනී මහත්මිය නගර සභාවේ මේ අලූත් වැඩපිළිවල ගැන කතා කළේ උද්‍යෝගයෙන්.

’’අපේ සමිති වල වැඩිපුරම ඉන්නෙ කාන්තාවො. අපේ සමිතියේ සභාපති හැටියට තේරුණේ එ.ජා.ප. ක‍්‍රියාකාරී සාමාජිකාවක්. ගමේ පොදු වැඩ වලදි අපි දේශපාලන පක්ෂ භේදයෙන් තොරව එකතු වෙලා වැඩ කරනවා. ගම වෙනුවෙන් අපි ඉදිරිපත් කළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් වෙලා තියනවා. මේ වැඩවල කොන්ත‍්‍රාත් අපේ සමිතියට ලැබුණම හැමෝම සහභාගී කරගෙන ඒ වැඩ කරන්න අපි බලාගෙන ඉන්නවා. ’’

අම්බලන්ගොඩ විලේගොඩ කොට්ඨාශයේ සංවර්ධන උපදේශක කමිටු නියෝජිතයා ලෙස තේරුණු යූ. සමරසේන මහතා රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති සැලසුම් අධ්‍යක්ෂ වරයෙක්.
’’මගේ විශ‍්‍රාම කාලයේදී මගේ ගම් ප‍්‍රදේශයේ වැඩකට සහභාගී වෙන්න ලැබීම සතුටක්. උපදේශක කමිටුවේ නියෝජිතයින් සියළු දෙනා උනන්දුවෙන් රැස්වීම් වලට සහභාගී වුවත් මන්ත‍්‍රීවරුන්ගේ පැමිණීම ඒ තරම් සතුටු දායක නොවීම මම දැනට මේ වැඬේ දකින දුර්වල කමක්. තවම යෝජනා සම්මත වුණා පමණයි. ඉදිරියෙදි අපිට වඩා ක‍්‍රියාකාරීව වැඩ වලට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි.’’

සැලසුම් සකස් කිරීමෙන් ඔබ්බට ජන සහභාගීත්වය අරුත් ගැන්වීමට අම්බලන්ගොඩ නගර සභාව ගන්නා ක‍්‍රියාමාර්ග මොනවාද? ජනප‍්‍රිය සංවර්ධන යෝජනා වලින් ඔබ්බට ගොස් තිරසාර සංවර්ධන යෝජනා වෙනුවෙන් ජනතාව පෙනීසිටින වඩා දැනුවත් ප‍්‍රජාවක් වෙනුවෙන් පිටස්තර සිවිල් සමාජ සංවිධාන වලට කළ හැකි යමක් වේද? මේ පිළිබද ඔබ අප දක්වන උනන්දුව සහ ප‍්‍රතිචාරය මත මේ යහපත් කතාවේ අවසානය තීන්දු වනවා ඇති.

 

07 January 2014

ශී‍්‍ර ලංකීය සමාජය ගැඹුරින් හා විනිවිදව සලකා බලමින් එහි යථාර්ථය තේරුම් ගැනීමට නම් රට තුළ කි‍්‍රයාත්මකව පැවති හා පවතින සංවර්ධන ආකෘති පිළිබඳව අවධානය යොමුකිරීම ඉතා වැදගත්. සංවර්ධන ආකෘති යනු ඕනෑම රටක සංවර්ධන කි‍්‍රයාවලිය අළලා තිබෙන ඒකාබද්ධ ක‍්‍රමෝපායන් කට්ටලයකටයි. එම කි‍්‍රයාවලිය රට ඉදිරියට ගෙනයාමට එනම් නිෂ්පාදන බලවේග ගෙන යාමට එනම් නිෂ්පාදන බලවේග දියුණු කිරීමට, ජනතාව පෝෂණය කිරීමට, ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණ කිරීමට, සමස්තයක් වශයෙන් ජාතියක් වශයෙන් දියුණු මට්ටමකට ගෙන ඒම සඳහා හේතුවන කි‍්‍රයාවලියක්. මේ පිළිබඳව ලෝකය පුරා නොයෙකුත් මතවාදි අදහස් රැුසක්ම පවතින අතර විද්වතුන් ගණනාවක්ම ඒ පිළිබඳව පොතපත ලියා තිබෙනවා. ඒ අතර නොබෙල් ත්‍යාගලාභීන් රැුසක් ද සිටිනවා.

මෙහිදී වැදගත් වන ප‍්‍රධාන කරුණ වන්නේ රටක සංවර්ධනය සඳහා මැදිහත් වන්නේ කවුද යන්නයි. ඒ අන්කිසිවක් නොවේ. රජය හා ජනතාවයි. මේ දෙපාර්ශ්වය තමයි සංවර්ධනය උදෙසා සහභාගිත්වයක් දරන්නේ. විශේෂයෙන්ම රජය සහ දුප්පත් ජනතාව ඒ අතර මේ දෙපාර්ශ්වය අතර තවත් පිරිසක් එයට වෙනස් ආකාරයට ඊට මැදිහත් වෙනවා. ඒ ඒ සහායක සේවා සපයන කණ්ඩායම සහය සේවා පද්ධතිය ලෙස ඔවුන් හඳුන්වා දිය හැකිය. සහය සේවා පද්ධතිය යනු සංවර්ධන කි‍්‍රයාවලියක ජනතාව අතරට ගෙනයන කණ්ඩායම. එනම් රටක ආනයන පද්ධතිය, රජයේ දෙපාර්තමේන්තු, වාණිජ ආයතන, බැංකු, පෞද්ගලික අංශය කර්මාන්ත අංශය එයට ඇතුළත්ය. එම තීිරුව තමයි සංවර්ධන කි‍්‍රයාවලියක් පහසුකරණය කර සාමාන්‍ය ජනතාවට එහි ප‍්‍රතිඵල භුක්ති විඳීමට සහය දෙන්නේ.

මෙහිදී මතුවන මූලික ප‍්‍රශ්නය වන්නේ සංවර්ධනය සඳහා සහභාගි වන්නේ කවුරුන්ද එය කාගේ කි‍්‍රයාවලියක්ද යන්න. රජයේ කි‍්‍රයාවලිය සඳහා ආරාධනා කරන්නේ කවුද? රජය ජනතාවට ආරාධනය කරනවාද ඔබ අපගේ කි‍්‍රයාවලියකට සම්බන්ධ වී ඔබගේ වුවමනා ඉටුකරන්න කියලා එය එක් ගමන් මාර්ගයක්. එහිදී යම් කි‍්‍රයාවලිය නිර්මාණය කරන්නේ රජය විසින්. එයට ඉඳුරාම වෙනස් ගමන් මාර්ගයක්ද තිබෙනවා. එනම් ජනතාවගේ කි‍්‍රයවලියක් සඳහා රජය සහභාගි වීම. ඉතිහාසය පුරාම ජනතාවගේ කි‍්‍රයාවලියක් ද තිබෙනවා. හොඳම උදාහරණය ගොවියා. රජයක් තිබුණත් නැතත් ගොවියා ගොවිතැන් කරනවා. රජයක් තිබීමෙන් වන්නේ ගොවියාගේ එම කටයුත්ත සඳහා ආධාර කිරීමක් පමණයි. එහෙත් එවැනි ආධාරයක් නොතිබුණත් ගොවියා ගොවිතැන අතහරින්නේ නැත. ඒ අනුව සංවර්ධන කි‍්‍රයාවලියක් සිදුවන්වෙන් නම් එයට පරම ශක්තීන් වන්නේ ජනතාවයි. එනමුත් නවීන ධනවාදී රාජ්‍යය ඉතාමත්ම බලවත්. අද වනවිට අප දිනපතාම එය අත්විඳිනවා

ඒ අනුව අද යුගයේ සංවර්ධනයක් පිළිබඳව කල්පනා කරන විට පෙනෙන දෙයක් තමයි එය ආරම්භකයා වන්නේ රජයයි. රජය යම් කි‍්‍රයාවලියක් ආරම්භ කර එයට දායක වන ලෙස ජනතාවට ආරාධනා කරනවා. ඒ ඒ තරුණයන්ට, කාන්තාවන්ට කර්මාන්තකරුවන් හා පුද්ගලික අංශයට විය හැකියි. එහෙත් මේ තත්ත්වය අනෙක් පැත්තට ගමන්කරන දුර්වලතා අවස්ථාද විය හැකිය. එවැනි අවස්ථා ලංකාවේ මෙන්ම ලෝක ඉතිහාසයේද දක්නට තිබෙනවා. එහිදී සිදුවන්නේ ජනතාව විසින් අරබන කි‍්‍රයාවලියකට රජය සහභාගි වීමයි. එම කි‍්‍රයාවලිය කුමක් වුවත් එහි ඉහළ හා පහළ යනුවෙන් කොටස් දෙකක් දකින්නට පුළුවනි. එක් අතකට යයි ඉහළ රජය වන විට පහළ සිටින්නේ ජනතාව. අනෙක් අතට ඉහළ කොටස ජනතාව නියෝජනය කරන විට පහළ ඇත්තේ රජය. එහි ස්වභාවය කුමක් වුවත් ඒ අතරමැද දේශපාලන අධිකාරිය එහි නිලධාරි තන්ත‍්‍රය එම කි‍්‍රයාවලිය මෙහෙයවන අතර නායකත්වය ලබාදෙනවා එසේ නමුත් සැමවිටම අදාළ කි‍්‍රයාවලියට සකි‍්‍රය ලෙස සහය දක්වන්නේ ජනතාවයි. අද වන විට සහභාගිත්ව සංවර්ධනය යනුවෙන් හඳුන්වන සංවර්ධන කි‍්‍රයාවලියේද එය සිදුවන්නේ ඉහළ කොටස ජනතාව නියෝජනය කරමින්. එනම් අධිකාරියට බලය ජනතාව දරමින් රජය එයට සහාය දන්වා සහභාගි වන අවස්ථාවකට නිදහස ලැබූ යුගයේ සිට අපට පෙනෙන්නට තිබූ සංවර්ධන කි‍්‍රයාවලියක් තුළ

07 January 2014

මෙම කාලවකවානුව බොහෝ ලෙසින්ම පශ්චාත් යුද්ධ කාලය ලෙසින් සමකාලින ලාංකේය සමාජීය සහ දේශපාලනික කතිකාව තුළ අර්ථකතනයට ලක් වෙයි. නමුත් පශ්චාත් යුද්ධ යන්න එහි පුළුල් අරුතින් භාවිතයට ගනු ලබන වචනයක් ද යන්න සැක සහිතය. මක් නිසාද යත් බොහෝ වචන භාවිත වන්නේ විචාර බුද්ධිය නොව පවතින ජනප‍්‍රිය බව පදනම් කරගෙනය. කෙසේවුවද යුද්ධය පැවැති ප‍්‍රදේශයක එයට පසුව පවතින තත්ත්වය පිළිබඳ කෙරෙන කතාබහකදී පශ්චාත් යුද්ධ තත්ත්වය යන්න බහුලව යෙදෙන වචනයක් බවට පත්ව ඇති තත්ත්වයක් තුළ මෙම කෙටි සටහන තුළ ද එම වචනය භාවිත කරමි.

මෙහිදී පළමුව අවධානය යොමු කළ යුතුවන්නේ යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධනය යන්න භාවිත කරන්නේ කුමන අරුතක් ජනනය කරන අයුරින් ද යන්න ගැන ෂලකා බැලීම වැදගත් යැයි සිතමි.යුද්දයෙන් පීඩාවට පත් ප‍්‍රදේශ සංවර්ධනය කිරීම යන්නට වඩා තස්ත‍්‍රවාදයෙන් පීඩාවට පත් ප‍්‍රදේශ සංවර්ධනය කිරීම යන්න බොහෝ විට අවධාරණය කරන බව දක්නට ලැබෙයි.යුද්ධයෙන් පීඩාවට පත් යන්න තුළ එය හුදු ඒකපාර්ශ්වීය ලෙස යුද්ධයෙහි වගකීම නොපටවා එහි එක් කොටස්කරුවෙකු ලෙස වගකීම දරා ගෙන ඒ වෙනුවෙන් කරන ප‍්‍රතිකාරාත්මක ක‍්‍රියාවලියක දායකත්වය පිළිබඳ හැ`ගීමක් ජනිත කරයි. නමුත් තස්ත‍්‍රවාදයෙන් බැට කා ප‍්‍රදේශ එම ත‍්‍රස්ත‍්‍රවාදයෙන් මුදා ගෙන සංවර්ධනය කිරීම යන්න ප‍්‍රකාශ කරන විට එයින් කියවෙන්නේ පැවැතියේ හුදු තස්ත‍්‍රවාදි ක‍්‍රියාමාර්ගයන් පරාජය කිරීම පමණක්මය යන අදහස ගෙන දෙයි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කෙරෙන බොහෝ ආණ්ඩු පාක්‍ෂික වාර්තාකරණයන් මෙම අදහස ධ්වනිත කෙරෙන ඒවා වෙයි.

මෙයට අමතරව මෙම සංවර්ධන කටයුතු තක්සේරුකරණයෙහිදී දෙමල දේශපාලන අරගලයෙහි මූලයන් කෙරෙහි දක්වන ප‍්‍රතිචාරයක් ලෙස නැතහොත් දෙමළ දේශපාලන අරගලය ඇතිවීමට හේතු මූලයන් අහෝසි කිරීම සඳහා කරන විසදුම් ක‍්‍රියාදාමයක් ලෙෂ සංවර්ධන කටයුතු අර්ථ නිරූපණය කිරීම ද සංවර්ධන කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් අහෝසි ව යනු ඇත යන විශ්වාසය පළ කිරීම ද අදක්නට ලැබෙයි. උතුරෙහි මෙන්ම දකුණෙහි ද පවතින්නේ එකම ප‍්‍රශ්න යැයි ද සිංහල මෙන්ම දෙමළ ජනයා ද මුහුණ දී ඇත්තේ එකම ප‍්‍රශ්නවලට යැයිද අසංවර්ධනය තමයි එකම හේතුව යැයි ද වශයෙන් ආර්ථිකමය දෘෂ්ඨි කෝණයෙන් පමණක් උතුරු නැගෙනහිර වාසය කරන දෙමළ බස කතා කරන ජනයාගේ ප‍්‍රශ්නය දෙස බැලීම ජනප‍්‍රිය මතවාදයක් බවට පත්ව ඇත. එල්.ටි.ටි.ඊ. සංවිධානයෙහි මෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙහි බිහිවීමට හේතු වූවේ එකම සාධකයන් ය යනුවෙන් තිඍණය කිරීම ද ඒ අනුව එම සංවිධාන දෙකම එකම වර්ගයෙහි සංවිධාන යැයි ද නිගමනයට එළඹීමත් එනිසා ම දෙමළ දේශ්පාලන අරගලයෙහි මූල සාධකයන් පිළිබඳ අවධානය යොමු නොකර ජනතා විමුක්ති පෙරමුණ තුළින් එල්.ටි.ටි.ඊ.යත් එයින් සමස්ත දෙමළ දේශපාලන ක‍්‍රියාවලියත් තේරුම් ගැනීමට කෙරන උත්සහය වනාහි මෙම දෘෂ්ඨියෙහිම දිගුවක් ලෙස සඳහන් කළහැකිය. මෙම සෑම දැක්මකම සමස්තාර්ථය වන්නේ සංවර්ධන ප‍්‍රවාහයට හසුව දෙමළ දේශපාලනයෙහි ඉල්ලීම් ගසාගෙන යනු ඇත යන්නයි. නමුත් මෙහිදී මතකයෙහි රදවා ගත යුතු වන්නේ දෙමළ දේශපාලන අරගලය පටන් ගත්තේ උතුරු නැගෙනහිර විශේෂයෙන්ම යාපනය ප‍්‍රදේශයෙහි මෙයටත් වඩා හෞතික සංවර්ධනයක් එකී කාලයෙහි අනෙකුත් ප‍්‍රදේශවලට සාපෙක්‍ෂව පවතිද්දී බවය. ඇත්තේනම යුද්ධයෙන් පසුව උතුර තවමත් ගමන් කරමින් සිටින්නේ යුද්ධය ආරම්භක අවධියෙහි පැවැති භෞතික සංවර්ධනය කරා ල`ගා වීමටය. (වසර තිහකට පසුව යාපනයට පැය විසි හතර පුරාම විදුළිය,යාපනයට නැවැතත් දුම්රිය යනුවෙන් ප‍්‍රකාශ කර සිටින්නේ කිසිදා නොදුටු නොවීරු සංවර්ධනයක් නොව පශ්චාත් යුද්ධමය සමාජයෙහි තිබූ මහජන පහසුකම් නැවැතත් භුක්ති විඳීමේ මහජන අයිතිය ලබා ගැනීම කෙරෙහිය*.

අනෙක් අතට මෙම සංවර්ධන ව්‍යාපෘති දෙස බලන්නේ රටේ පුරවැසියන් පිරිසකට තමන් ද අයත් රජයෙන් කෙරෙන සංවර්ධනාත්මක අයිතියක හිමිකම උදා කර දීමක් ලෙස නොව උතුරෙහි හෝ නැගෙනහිර ජනතාවට කෙරෙන පරිත්‍යාගයක් ලෙසින්ය. එනයින් පුන්‍ය කර්මයකට දායකවීමක් ලෙස මිස සංවර්ධන ක‍්‍රියාවකට සහභාගිත්වය දැක්වීමක් යන්න මෙම සංවර්ධන ව්‍යාපෘති පිලිබඳ කතාබහෙදී අවධාරණ නොකෙරෙයි.

පශ්චාත් යුද්ධ කාලීන සංවර්ධන ව්‍යාපෘති බොහෝවිට ලංකාවෙහි වෙනත් ප‍්‍රදේශවල මෙන්ම උතුරු නැගෙනහිරද අවම මහජන සහභාගිත්වය සහිත ඒවා වන අතරම සංවර්ධනය ලෙසින් අර්ථගැන්වෙන්නේ භෞතිකමය වශයෙන් කෙරෙන ඉදිකිරීම් කටයුතුය. විශේෂයෙන්ම අතිවිශාල වෙළෙඳසැල් සංඛ්‍යාවක් ඉදිවීම සංවර්ධනයෙහි දර්ශකයක් ලෙස ගෙනහැර දක්වනු ලැබෙයි. යුද්ධමය පරිසරය තුළ භාණ්ඩ සහ සේවා හි`ගයෙන් පීඩා විඳි ජනයාට ඕනෑම දෙයක් ගන්නට තිබීම සංවර්ධනය ලෙසින් අර්ථ නිරූපණය කිරීමට උත්සහ කළත් එම අර්ථයට වලංගුබවක් පවතින්නේ යුද්ධයෙහි කටුක ස්මරණයන් පවතින තුරු පමණය. එයට පසුව බඩු තිබුණත් පසුම්බියෙහි මුදල් නොමැතිවීම තුළ සංවර්ධනය පිලිබඳ හැ`ගීම තුරන්ව යනු ඇත.

ලංකාවෙහි බොහෝ ප‍්‍රදේශවල මෙන්ම පශ්චාත් යුදධ කාලයෙහි උතුරු ප‍්‍රදේහය තුළ ද සංවර්ධනය යන්න ජනයාගේ සහභාගිත්වය ලබා ජනයාගේ දක්‍ෂතාවයන් ප‍්‍රවර්ධනය කර මානව සම්පත පෝෂණය කරන්නක් ලෙසින් කටයුතු කරනවාට වඩා ක‍්‍රය ශක්තිය ඇත්තන්ට පාරිභෝජනයට අවස්ථා විවර කර දෙන්නක් බවට පත්ව ඇත.එනිසා වැදගත් වන්නේ නිෂ්පාදනය නොව පාරිභෝජනයයි. සමස්තයක් වශයෙන් ලංකාව පුරාම ක‍්‍රියාත්මක වන සංවර්ධන මාදිළිය එයයි. එහෙයින් මෙම සංවර්ධනයෙහිදි රටක හෝ පුද්ගලයෙකු ගේ සංවර්ධනය මනින්නේ නිෂාපාදනයෙහි ප‍්‍රමාණය මත නොව පාරිහෝජනයෙහි ප‍්‍රමාණය මතය. අලූතින් රැුකියා අවස්ථා උදා කෙරෙන, ප‍්‍රදේශයෙහි සම්පත් භාවිතයට ගෙන නිෂ්පාදන ක‍්‍රියාවලයකට ම`ග පාදන සහ ජනයාගේ දැනුම සහ කුශලතා වර්ධනය කෙරෙන විධිමත් සැලසුමකට අයත් සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා භාණ්ඩ සහ සේවා අළෙවිකරන්නන් උදෙසා වෙළෙඳ පළ විවර කර දීම සංවර්ධනය ලෙසින් අරුත් නිරූපණය කිරීමක් මෙහිදී දක්නට ලැබෙයි. පශ්චාත් යුද්ධමය සමාජයෙහි සංවර්ධනය ද එනයින් බලන විට බැහැරින සිට ගෙනවිත් ආරෝපණය කරන්නක් මිස අදාල සමාජයෙහි සාක්‍යතා හෝ අවශ්‍යතා සැලකිල්ලට ලක් කර එම සමාජයන් හී අනන්‍යතාවයන් සහ පදනම් මත රෝපණය වූ වක් නොවෙයි.

07 January 2014

සහස‍්‍ර සංවර්ධන ඉලක්ක ල`ගා කර ගැනීම දිළිබ`ද සාකච්ඡුාව අවසන් අදියරට පැමිණෙමින් තිබියදී,තිරසාර සංවර්ධනය පිළිබ`ද කථිකාව වඩා විධිමත් මුහුණ`ුවරකින් ලොව පුරා තැනින් තැන මතු වෙමින් පැවතිණි. නූතන සංවර්ධන ඉලක්ක පොදු මිනිස් වර්ගයා ආවරණය නොකරන බවටත් පාරිසරික අගයන් පිළිබ`ද සංෙවිදී නොවන බවටත් වන විවේඡුනය හමුවේ නව සංවර්ධන ඉලක්ක සහ නිර්ණායක පිලිබ`ද සංවාදය සංවර්ධිත රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත ගමන් කරමින් පවතී.සංවර්ධන ඉලක්ක ල`ගා කර ගැනිම වෙනුවෙන් කටයුතු කරන දකුණු ආසියානු කලාපීය රටවල් කීපයක සහභාගීත්වයෙන් ඉකුත් 06,07 දෙදින තුළ කොළඹ දී පැවති විද්වත් කථිකාව මෙම විෂය පිළිබ`ද සංවර්ධනය වෙමින් පවතින රටවල සිවිල් ජන කණ්ඩායම් පළ කරන උද්‍යෝගය මැනවින් පිළිබිඹු කරන්නක් විය.

බංගලාදේශය, ඉන්දියාව, පකිස්ථානය සහ නේපාලය නියෝජනය කරමින් එම රටවල කි‍්‍රයාත්මක තිරසාර සංවර්ධන ප‍්‍රතිපත්ති පිළිබ`ද අධ්‍යයන සහ පර්යේෂණ වල නිරත සිවිල් සංවිධාන, ප‍්‍රැක්ටිකල් ඇක්ෂන්, දකුණු ආසියානු ප‍්‍රතිපත්ති සහ පර්යේෂණ අධ්‍යයන ආයතනය සමග එක්ව දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මෙම විද්වත් කථිකාව සංවිධානය කොට තිබිණි. සමුළුවේ සියළු හවුල්කාර සංවිධාන සංවර්ධන අභිප‍්‍රායන් පිළිබ`ද තම දීර්ඝකාලීන අධ්‍යයනයන් ඇසුරින් සකස් කළ පර්යේෂණ පති‍්‍රකා මෙහිදී ඉදිරිපත් කරනු ලැබිණි.
පවතින සංවර්ධන මාදිලිය තුළ දුප්පතුන් වඩවඩාත් සංවර්ධනයෙන් ඈත්කොට ඇති බවටත් ඔවුන්ගෙන් ඇතැමෙක් සංවර්ධනයේ ගොදුරු බවට පත්ව ඇති බවත් පැහැදිලිය.එසේම සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක අපේක්ෂා කළ අසමානතා දුරු වනු වෙනුවට එම පරතරයන් වඩාත් ඉස්තුවීම ද දැකිය හැකිය. තවමත් සංවර්ධන ඉලක්ක ල`ගා කර නොගත් බොහෝ ජන කණ්ඩායම් ගැන සැලකීමේදී විශ්ෂයෙන් පෙනී යන කරුණක් වන්නේ එසේ ඔවුන් දිළි`දුකම තුළ ර`දවා තබන ප‍්‍රධාන සාධකය වී ඇත්තේ ස්වාභාවික සම්පත් හි`ගය බවයි. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වාභාවික සම්පත් මත පදනම් වූ කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය වැනි ප‍්‍රාථමික නිශ්පාදන කර්මාන්ත තුළින් යැපෙති. එසේම ස්වාභාවික පරිසරයේ වෙනස්වීම් හෝ දේශගුණික විපර්යාස වෙතින් මතු කෙරෙන ආපදාවන්ගෙන් වඩාත් සමීපව වීඩා වි`දින්නෝ ද ඔවුන්මය.එබැවින් සියළු ජන කොටස් ඇතුළත් කොට ගන්නා සහ පාරිසරික අගයයන් ආරක්ෂා කරගත හැකි තිරසාර සංවර්ධන මාදිලියක් පිළිබ`ද කෙරෙන සංවාදයට ඔවුන්ගේ අපේක්ෂාවක් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සංවිධානය කළ විද්වත් කථිකාව තුළ ඉදිරිපත් කොට සාකච්ඡුාවට ලක් කෙරුණු පර්යේෂණ සහ අධ්‍යයනයන්ගෙන් කියවුණේ එම ජන කොටස් ඉල්ලා සිටින සහ අපේක්ෂා කරන සංවර්ධන මාදිලිය කුමක්ද යන්න පිළිබ`ද දළ චිත‍්‍රයකි.

පාරිසරික සීමාවන් තුළ ආර්ථික සංවර්ධනය, චිරස්ථායීිබව සහ සම්පත් බෙදීයාමේදී සමානාත්මතාව, යහපාලනය සහ පාලනයේදී සමාජ සහභාගීත්වය, තිරසාර සංවර්ධන මාදිලි ස`දහා ගැලපෙන තාක්ෂණය අත්පත් කර ගැනීම,සහ තිරසාර සංවර්ධනය වෙත ල`ගා වීමේදී විවිධ සමාජ කණ්ඩායම් සහ ආයතනයන්හි කාර්යභාරයන් යන තේමාවන් ඔස්සේ විද්වත් කථිකාව දිගහැරිණි. තිරසාර සංවර්ධනය පිළිබ`දව මේවන විට වඩාත් උනන්දුවෙන් සාකච්ඡුා කරන සංවර්ධිත උතුරු අර්ධගෝලයේ රටවල් ස්වාභාවික සම්පත් පරිහරණයේ දි මතු කරන යම් සීමාවන් අප වැනි සමාජයන්ට එක`ග විය හැකිද යන ගැටළුව මෙහිදි ඉස්මතු විය. 2015 වසර අවසන් වන විට සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක සපුරා ගැන්ිම සම්බන්දයෙන් එක`ග වූ කාල සීමාව අවසන් වෙතත් සංවර්ධනයෙන් පිටත සිටින පිරිස් ඒ වෙත කැ`දවා ගැනීම වෙනුවෙන් දරණු ලැබූ උත්සාහයන් සාර්ථක වී ඇති බවක් පෙනෙන්නට නැත. සම්පත් සමාන ලෙස බෙදීයාම විශේෂ වැදගත් කමක් සහිත මාතෘකාවක් වන්නේ එම සංවර්ධනයෙන් පිටත සිටින පිරිස් ඒ වෙත කැ`දවා ගැනීමේදි එය අත්‍යවශ්‍යය කොන්දේසියක් වන බැවිණි.

යහපාලනය පිළිබ`ද සාකච්ඡුාව මෙම මණ්ඩප තුළට නැවුම් පැමිණීමක් නොවුවද ලෝකය පුරා බොහෝ ඌණ සංවර්ධිත ජන සමාජ තුළ පාලනය සිමිත කුඩා කණ්ඩායම් වෙත සංකේන්ද්‍රණය වීමේ ප‍්‍රවණතාව දිනෙන් දින වර්ධනය වන තත්වය තුළ මෙම සාකච්ඡුාව වැදගත් කමක් උසුලයි. තිරසාර සංවර්ධනය අත්පත් කර ගැනීමේ දී තාක්ෂණය සතු භූමිකාව කෙබ`දු විය යුතුද යන්න පිළිබ`ද සංවදය විශේෂ වනුයේ අප අත්පත් කර ගත යුත්තේ් කවර තාක්ෂණයද යන්න මෙහිදී විශේෂ අවධානයකට ලක් වූ බැවිනි. සංවර්ධිත රටවල් අත්පත් කොට ගෙන ඇති බටහිර මාදිලියේ තාක්ෂණය ස`දහා දැරීමට සිදුවන අධික පිරිවැය සහ එම තාක්ෂණය භාවිතයේ දී මතුවන ගැටළු කෙසේ කළමනාකරණය කරන්නේද යන්න හා සැස`දීමේ දී මෙම ජන සමාජ එතෙක් භාවිතා කළ සම්ප‍්‍රදායික තාක්ෂණික ශිල්ප ක‍්‍රම වැඩි දියුණු කොට පවත්වා ගෙන යෑමේ අවශ්‍යයතාවය මෙහිදී වඩාත් සංවාදයට ලක්විය.
තිරසාර සංවර්ධනය අතපත් කර ගැනීමේදී ඒ ඒ කණ්ඩායම් වෙත පැවරෙන කාර්ය භාරය පිළිබ`ද තේමාවේදී විශේෂයෙත් ඉස්මතු වූ කරුණක් වුයේ ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකයන් තුළ පෞද්ගලික අංශය විශාල ලෙස ප‍්‍රසාරණය ව ඇතත් තිරසාර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේදී ඔවුන් සතු කාර්ය භාරය සම්බන්දයෙන් ප‍්‍රමාණවත් අවධානයක් යොමුව නැති බවයි.

මෙම විද්වත් සමුළුව පසුබිම් කරගනිමින් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය ශ‍්‍රී ලංකාවේ පළාත් තුනක් ආවරණය වන ලෙස සංවිධානය කළ සිවිල් සංවිධාන නියෝජිත හමු තුළදි මතු වූ අදහස් වෙතින් මෙම කථිකාව තවදුරටත් පෝෂණය විය.

සංවර්ධනය පරිසර හිතකාමී විය යුතු බව මෙම සියළු නියෝජිතයන්ගේ පොදු පිළිගැනීම විය. එහිදී දේශීය සම්පත් වැඩි ඵලදායීාවයකින් යුතුව භාවිතා කළ හැකි ආකාරයෙන් දියුණු වනු දැකීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මෙම නියෝජිත සමුළුවලදී ප‍්‍රාදේශිය නියෝජිතයන් විශේෂයෙන් මතු කොට දැක්වූ කරුණක් වූයේ පරිපාලනයේ දී ජනතා සහභාගීත්වයේ වැදගත්කමයි. වර්තමානයේ ජන සහාභාගීත්වය සිදුවනුයේ තම තමන්ට සෘජුව බලපාන නිශ්චිත කරුණු වලදී කෙරෙන උද්ඝෝෂණ, ආදී විරෝධතාවන්ට පමණක් බවත්, එය ඉක්මවා රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබ`ද සංවාදයටද සාමාන්‍ය ජන සහභාගීත්වය උනන්දු කළයුතු බවත් මෙහිදී මතු විය.

ප‍්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සැමට ලබා දීම පිළිබ`ද සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ලෙස ජාත්‍යන්තරය සාකච්ඡුා කරද්දී, පා‍්‍රදේශීය නියෝජිතයින් ඉල්ලා සිටියේ අධ්‍යාපනයේ ගුණාත්මක අගයයන් තහවුරු කළ යුතු බවයි. සෞඛ්‍යය අවශ්‍යතා සම්බන්ධයෙන් ද වඩා දියුණු අපේක්ෂා ප‍්‍රාදේශීය නියෝජිතයින් සතු විය. ශ‍්‍රී ලංකාව ප‍්‍රාථමික සෞඛ්‍යය සංරක්ෂණ ඉලක්ක ඉක්මවා ඇති තත්වය තුළ ඔවුන් වෙතින් පැමිණියේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම වැනි වඩා දියුණු යෝජනාවන්ය. එසේම අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි පොදු සේවාවන් සැපයීමේ දී විෂම ලෙස සම්පත් බෙදීයාම ඔවුන්ගේ පොදු විවේඡුනයට ලක් විය.

එසේම මෙම ප‍්‍රාදේශීය නියෝජිතයින්් මතු කළ වැදගත්ම අදහස වූයේ සංවර්ධනය පිළිබ`ද නිර්ණායන වඩා පළල් ඇගයීම් සමුදායක් මත සකස් විය යුතු බවයි. පුද්ගලයින්ගේ ප‍්‍රීතිමත් බව, මානසික සැහැල්ලූව සහ මානසික සුවතාවය වැනි සාදක ද මෙම නිර්ණායක සැකසීමේදී සැළකිල්ලට ගත යුතු බව ඔවුහු දැඩිව අවධාරණය කළහ.

07 January 2014

නූතන ජාතික රාජ්‍ය ඇතිවූයේ ඓතිහාසික වශයෙන් තිබුණු පැරණි වැඩවසම් ක‍්‍රමය බිඳවැටී නවීන ධනේශ්වර ක‍්‍රමය ඒ තැන ගැනීමෙන් පසුවය. ධනේශ්වර ක‍්‍රමය විසින් කැබලි වී තිබූ ආර්ථිකය ඒකාග‍්‍ර කෙරෙන ආකාරයට දේශීය වෙළෙඳපොළ මත පදනම් ජාතික ආර්ථිකයක් ඇති කළේය. ඊට සමාන ආකාරයකින් රාජ්‍යයද ඒකාග‍්‍ර කොට නිශ්චිත භෞමික දේශ සීමා ඇති, ඒකාග‍්‍ර නීති ක‍්‍රමයක් හා පරිපාලන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන ජාතික රාජ්‍ය ක‍්‍රමයක් ඇතිවිය. එම ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා වර්ග අනුව, ගෝත‍්‍ර අනුව, අදහන ආගම අනුව, කතා කරන භාෂාව අනුව, කුලය අනුව බෙදී සිටි එම රාජ්‍යයේ ජනයා එම දේශය මුල් කරගත් පොදු දේශානුරාගී හැඟීමකින් යුතු ජාතියක් බවට ඒකාග‍්‍ර කිරීමක් ද සිදුවිය. ඒ අර්ථයෙන් නවීන ජාතීන් ඇතිවීමේ ක‍්‍රියාවලියද ධනේශ්වර පරිවර්තන ක‍්‍රියාවලිය තුළ ඇතිවූ දෙයක් ලෙස සැලකිය හැකිය.

යුරෝපයේ ඇතිවූ මෙම පරිවර්තනීය ක‍්‍රියාදාමය යටත්විජිත රටවල ඇතිවූයේ ඊට වෙනස් ආකාරයටය. එම රටවල ධනේශ්වර පරිවර්තනයක් ඇතිවූයේ සමාජ ක‍්‍රමයේ අභ්‍යන්තර සාධක පුපුරායෑමේ ප‍්‍රතිඵලයක් වහයෙන් නො ව ඒ රටවල් අල්ලාගෙන සිටි යටත්විිත පාලකයන් විසින් බාහිර වශයෙන් ඇති කරන ලද බලපෑමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. විසුරුණු තත්ත්වයක තිබූ දේශපාලන බලය අල්ලා ගත් යටත්විජිත පාලකයන් ඒවා ඒකාබද්ධ කොට නිශ්චිත පොදු ජන දේශසීමා ඇති ඒකාග‍්‍ර නීතියක් හා පරිපාලන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන නවීන රාජ්‍යයක් බවට පත් කළේය. එහෙත් ඒවාහි ජීවත්වන ජනතාව සිටියේ වැඩවසම් මානසික රාමුවකය. ඔවුහු තමන් අයත් වර්ගය, කුලය, අදහන ආගම හා කතා කරන භාෂාව අනුව බෙදී සිටියේය. ඔවුන් පොදු දේශානුරාගයකින් යුතු පොදු ජාතියක් බවට පත්ව නොසිටියේය. සිතුම් පැතුම් හා ආකල්ප ප‍්‍රමාණවත් තරමින් නවීන කරගනිමින් පොදු බවක් ඇතිකර ගැනීමට හේතුවන යුරෝපයේ ඇතිවූ ආකාරයේ මහා සිද්ධීන්ද ඇති නොවීය. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන් යටත්විජිතවාදී ධනේශ්වර ක‍්‍රමයක් සමග රාජ්‍ය ඒකාග‍්‍ර කොට ජාතික රාජ්‍යයක් ඇතිකර තිබුණද ඔවුන් අතින් ජාතිය ඒකාග‍්‍ර කිරීමක් සිදු නොවීය.

ඒකාග‍්‍ර ජාතියක් ඇතිකර ගැනීමේ ප‍්‍රශ්නය නිර්මාණාත්මක හා ප‍්‍රායෝගික ලෙස විසඳාගැනීමේ වගකීම පැවරී තිබුණේ නිදහස ලැබීමෙන් පසු බලයට පත්වන දේශීය දේශපාලනකාරයන්ටය. ඒ සඳහා වන ශක්තිමත් දැක්මක් ඉන්දියානු නායකයන්ට තිබුණද අපේ රටේ නායකයන්ට නොතිබුණි. ඉන්දියානු නායකයන් නිදහස් අරගලයෙන් අපේක්ෂා කළේ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් රට නිදහස් කරගැනීම පමණක් නොවේ. ඒ අරගල ක‍්‍රියාවලිය තුළ බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු ජාතික රාජ්‍යක‍්‍රමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කරන එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමට අරමුණු කරගනිමින් බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගැනීම සඳහා කරන අරගලය තුළම එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීම සඳහා ක‍්‍රියා කළේය. එහෙත් අපේ රටේ සියලූ දේශපාලන නායකයන්ට තිබුණේ බි‍්‍රතාන්‍ය සතු බලය තමන් සතුකර ගැනීමේ ආශාව පමණය. එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව කිසිදු ශක්තිමත් දැක්මක් ඔවුන්ට නොතිබුණි.
නිදහස ලැබීමෙන් පසුව අපේ නායකයන් ඉදිරියට යන්නට උත්සාහ කළේ ද එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව මුළුමනින් නොසලකාය. ඒ නිසා එක ලේ බිඳකුදු නොසොල්වා නිදහස හිමි කරගත් රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය. ජාතිය ගොඩනගනවා වෙනුවට ජාතිය කැබලි කෙරුණා පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයද මහා විකෘතියක් බවට පත්විය. ඒ ආශ‍්‍රයෙන් රටේ සමාජ ක‍්‍රමයේත්, ආණ්ඩුක‍්‍රමයේත් ඇතිවී තිබෙන අවුල්සහගත විකෘති තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ සම්පූර්ණ කරගැනීමට අසමත්ව තිබෙන එම ඓතිහාසික කාර්යයන් දෙක සම්පූර්ණ කරගැනීමෙන් පමණය. ශ‍්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ප‍්‍රශ්නයේ අරටුව සකස් වී තිබෙන්නේද එම ප‍්‍රශ්න දෙකෙනි.

එක්සත් ජාතියක් ගොඩනැගීම පිළිබඳ ප‍්‍රහ්නය සකස් වී තිබෙන්නේ වර්ගය, කුලය හා ආගම මුල්කරගෙනය. පහසුවෙන් වෙන් නොකළ හැකි තරමට එකට බැඳී තිබෙන ප‍්‍රශ්න තුනක් ලෙස සැලකිය හැකි මේ ප‍්‍රශ්න අතුරෙන් වර්ගය හා ආගමය යන ප‍්‍රශ්න දෙක විශාල ලෙස සලකා බලා ඇති ප‍්‍රශ්න දෙකක් ලෙස සැලකිය හැකි වුවත් කුලය පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රමාණවත් තරමින් සාකච්ඡුාවට ලක්වී නැති ප‍්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. මෙම ලිපියෙන් සංක්ෂිප්ත වශයෙන් සලකා බැලෙන්නේද එම ප‍්‍රශ්නයයි.
ලංකාවේ කුලය පිළිබඳ සාධකය සැඟවී සිට ක‍්‍රියාකරන, සැඟවී සිට මැසිවිලි නගන හා සැඟවී සිට කලබල ඇති කරන සාධකයක් ලෙස සැලකිය හැකිය. එය පැරණි වැඩවසම් ක‍්‍රමයෙන් උරුම වී තිබෙන දායාදයකි. එය ඒ යුගයේ ශ‍්‍රම විභජනය සඳහා යොදා ගැනුණු සංවිධාන ක‍්‍රමයක් විය. කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක්ය යන විශ්වාසය නිසා තමන්ට වඩා උසස් කුලීනයන්ට බැල මෙහෙවර කිරීම තමන් වෙත පැවරී තිබෙන යුතුකමක් ලෙස නිහඬව බාරගන්නට කුලහීනයන්ට සිදුවී තිබුණේය. මහනුවර යුගයේදී ගොවි කුලය උත්තම ස්ථානයෙහි ලා සැලකුණු අතර අන් සියලූදෙනා සැලකුණේ අඩු කුලවලට අයත් ජනයා ලෙසය. කුලයට පිවිසීම උත්පත්තියෙන් සිදුවූ හෙයින් එම සමාජ ව්‍යුහය තුළ සමාජ සචලතාවක් නොවීය. සෑම මිනිසකුටම ඔහුගේ කුල තත්ත්වය වෙනස් කළ නොහැකි උරුමයක් වූ අතර සමාජ ජීවිතය සේ ම චර්යාව ද පාලනය කළේය. ඔවුන්ගෙන් බදු අයකර ගත යුතු අන්දම තීරණය කළ අතර ඔවුන්ගේ නීතිමය අයිතිවාසිකම් හා යුතුකම් කෙරෙහිද කුලය බලපෑවේය. එය ජනතාවගේ ආත්ම සංයත ස්වාධීන සමාජ නියමයක් පමණක් නොව වැඩවසම් රජය විසින් සුරක්ෂිත කොට පාලනය කොට ස්ථාවර කරන ලද සමාජය පිළිබඳ නිල ක‍්‍රමයක්ද විය.
ධනේශ්වර ක‍්‍රමයට නිෂ්පාදන මාර්ගවලට හිමිකම් කියන ධනපතියා හා ශ‍්‍රමය මුදලට විකුණන කම්කරුවා මුල් කරගත් ශ‍්‍රම විභජන ක‍්‍රමයක් තිබුණු අතර ධනේශ්වර ක‍්‍රමය විසින් කුල ක‍්‍රමය දුර්වල කරනු ලැබුවත් මුළුමනින් විනාශ කිරීමක් සිදු නොවීය. ධනේශ්වර ක‍්‍රමය නීතිය ඉදිරියේ සියලූදෙනා එකසමාන ලෙස පිළිගත්තද කුල ක‍්‍රමය මුල් කරගත් අසමානතා තවදුරටත් පැවතුණි.

පූර්ව යටත්විජිත කාලයේ සිට වර්තමානය දක්වා වන කාලය තුළ යාපනේ තරුණ සංගමය හැර කිසිදු දේශපාලන ව්‍යාපාරයක් සිය විමුක්ති න්‍යාය පත‍්‍රයට කුලය පිළිබඳ සාධකය ඇතුළත් කරගත්තේ නැත. එහෙත් රටේ ඇතිවන ලේ වැගිරීම් හා කලකෝලාහල කෙරෙහි කුලය බලපෑවේය. 1929දී ඩොනමෝර් කොමිසම ඉදිරියටත් නැවත 1944දී සෝල්බරි කොමිසම ඉදිරියටත් ගිය සමහර පීඩිත කුල සංවිධානවල නියෝජිතයන් ගොවිගම හා වෙල්ලාල බහුතරයේ ආධිපත්‍යය වළකන නියෝජන ක‍්‍රමයක් ඉල්ලා සිටියේය. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා දෙවැනි ජේවීපී කැරැුල්ලෙන් පසුව තරුණ අසහනය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව දකුණේ තරුණ සිංහල කැරලි කෙරෙහි සේ ම උතුරේ තරුණ දෙමළ කැරැුල්ල කෙරෙහිද කුල සාධකය වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බව පිළිගත්තේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හෝ එල්ටීටීඊය පවා කුල අසාධාරණකම් ගැන ප‍්‍රසිද්ධියේ කතා කළේ නැත. එහෙත් එල්ටීටීඊය තත්වාකාර රාජ්‍යයක් ගොඩනැගීමෙන් පසු ඔවුන් ප‍්‍රකාශ කළ දණ්ඩ නීති සංග‍්‍රහයෙන් කුලය මත පදනම් වී කරන වෙනස්කම් දඬුවම් පැමිණවිය හැකි වරදක් බවට පත්කර තිබුණි.

නම් වෙනස් කරගැනීම සඳහා පුවත්පත්වල පළවන දැන්වීම්වලින් පමණක් වුවත් කුලය ආන්තික කුල කෙරෙහි ඇතිකර තිබෙන පීඩාවේ තරම තේරුම් ගත හැකිය. නම හා වාසගමෙන් පුද්ගලයකු අයත් කුලය හඳුනාගත හැකිය. නම හා වාසගම වෙනස් කරගැනීම මගින් අපේක්ෂා කරන්නේ කුලය විසින් ඇතිකර තිබෙන නින්දාසහගත තත්ත්වයෙන් අත්මිදීමය. අඩුම වශයෙන් තමා අයත් කුලය පහසුවෙන් හඳුනාගත නොහැකි තත්ත්වයක් ඇතිකර ගැනීමය.
ජාතිය ගොඩනැගීමේ න්‍යාය පත‍්‍රයට කුල සාධකයද අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය.

07 January 2014

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවෙහි 2009 / 2010 සංඛ්‍යා ලේඛණවලට අනුව, දළ වශයෙන් ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් 8.9%ක්, නැතහොත් පුද්ගලයන් මිලියන 1.8ක් දුප්පත්ය. මුළු ජනගහනයෙන් 22. 7%ක් දුප්පත්යැයි හඳුනා ගැනුණු 2000 සමඟ සන්සන්දනය කර බලන විට මෙය කැපී පෙනුණු වර්ධනයක් වන අතර, 2015 වර්ෂය වන විට දරිද්‍රතතාව අඩකින් අඩු කිරීමේ සහශ‍්‍ර සංවර්ධන ඉලක්කය වෙත, ශී‍්‍ර ලංකාව ළඟා වී ඇති බව පෙන්නුම් කරයි. කෙසේ වුවද, රටේ සැබෑ දරිද්‍රතා තත්ත්වය මෙම සංඛ්‍යාවන්ගෙන් කොතරම් සමීප ලෙස පිළිබිඹු වන්නේද යන කාරණය පිළිබඳව සෑහෙන මතභේද පවතී. කොළඹ පිහිටි දරිද්‍රතා විශ්ලේෂණ කෙන්ද්‍රයේදී මෑත දී කරන ලද දේශනයකදී, ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් සහ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයෙහි ජ්‍යෙෂ්ඨ බාහිර සාමාජිකයකු වන විමල් නානායක්කාර මහතා, දුප්පතුන් කවුරුන්ද, ඔවුන් ස්ථානගතව ඇත්තේ කවර ස්ථානයන්හිදීද යන කාරණය සම්බන්ධයෙන, ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාව පිළිබඳව ජන හා සංඛ්‍යා ලේඛණ දේපාර්තමේන්තුවෙහි තිබෙන දත්ත ඇසුරින් විශ්ලේෂණයක් කළේය.

ඔහුගේ විග‍්‍රහයට අනුව දරිද්‍රතාව පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අවධානය යොමු කිරීමේදී ශී‍්‍ර ලංකාව ඉතාමත් යහපත් තත්ත්වයක පවතින බව පෙනේ. සමස්ත ජනගහනයෙන් 10% ක දරිද්‍රතාව, පිළිවෙලින් ජනගහනයෙන් 40%ක්, 30%ක් හා 28%ක් දුගීන් යැයි හඳුනා ගැනෙන බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි අසල්වැසි රටවල් හා සැසඳීමේදී හොඳ තත්ත්වයකි.

මූලික අවශ්‍යතා මල්ලක වියදම ගණනය කිරීමෙන් ලබා ගන්නා ‘‘අන්ත දුගී රේඛාව’’ (්ඉිදකමඑැ ඡුදඩැරඑහ ඛසබැ* මත පදනම්ව ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාව ගණන් බැලීම සිදු කෙරේ. එක් පුද්ගලයකුට එක් දිනකට අවශ්‍ය වන කැලරි 2030 හෝ අවම පෝෂණ අවශ්‍යතාව සපුරා ලීම පිණිස අවැසි ආහාර ද්‍රව්‍යවලින් හා ආහාර නොවන වෙනත් මූලික අවශ්‍යතාවලින් මෙම මල්ල සැකසී තිබේ. 2009 වසරේදී මෙම මල්ලෙහි වටිනාකම 3028ක් යැයිි ගණන් බලන ලද අතර, මසකට ඒක පුද්ගල වියදම මීට වඩා අඩු පවුල් (්‍යදමිැයදකාි* දුගී යැයි හඳුනා ගැණින.

දුගී යැයි හඳුනා ගැණුනු මිලියන 1.8ක ජනකායකගෙන් විශාල බහුතරයක්, නොඑසේනම් 84.7%ක් ගම්බද ප‍්‍රදේශවල ජීවත් වෙති. දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනයාගේ අනුපාතය නාගරික හා ගම්බද ප‍්‍රදේශවල අඩකට වඩා වැඩි ප‍්‍රමාණයකින් අඩු වී තිබේ. නාගරික ප‍්‍රදේශවල මෙය 1990 වසරේදී පැවැති 16.3% සිට 2009 දී 5.3% දක්වා අඩු වී ඇති අතර, මෙම කාලය තුළම ගම්බද ප‍්‍රදේශවල එය 29.4% සිට 9.4% දක්වා අඩු වී තිබේ. වතු අංශයේද දරිද්‍රතාව අඩු වී ඇති නමුදු එම වේගයෙන්ම නොවේ. 1990 දී පැවැති 20.5% සිට 2009 දී 11.4% දක්වා අඩු වී තිබේ. ( 2006 දී 32% සිට 2009 දී 11.4% දක්වා ඇති සීග‍්‍ර අඩුවක් පෙන්නුම් කළ ද* ගත වූ විසි වසරක කාලය තුළ මිලියන 2.6ක ජනයා දරිද්‍රතාවෙන් මිදී ඇති බව මෙම සංඛ්‍යාවලින් ඇඟවේ.

කෙසේ වුවද, ආදායම සහ වියදම ජීවිතයේ ගුණාත්මක බව මැනීමේ ප‍්‍රමාණවත් මිණුම් නොවන බව බොහෝ කලක් තිස්සේ විවේචනයට ලක් වෙමින් පවතින අතර, මෙම ඌණතාව මඟ හැරීම පිණිස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මඟින් හඳුන්වා දී ඇති, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ජීවන තත්ත්වයන් සෘජුව ගණනය කිරීමෙන් ලබා ගන්නා බහුමාන දරිද්‍රතා දර්ශකය (ඵඡුෂ* මුදල් මිණුම් ක‍්‍රමවල දුර්වලතා මඟ හැරීම ඉලක්ක කොට පවතී. මෙම දර්ශකය මාන තුනක් හරහා එක සමානව මැන බලනු ලබන අතර, සෞඛ්‍ය මානය සඳහා දර්ශක (අවශ්‍ය කැලරි ප‍්‍රමාණය 80%ට වඩා අඩුවෙන් ගැනීම, නිවසේ ගෘහ මූලිකයා කලක් තිස්සේ පවතින රෝගයකින් පෙළීම හෝ ආබාධිතව සිටීම* අධ්‍යාපන මානය සඳහා (නිවෙසක කිසිවෙක් අවුරුදු පහකට වඩා අඩුවෙන් පාසල් නොගොස් සිටීම, පාසලකට ඇතුළත් කර නැති ප‍්‍රාථමික පාසල් වයසේ ළමයින් සිටීම* ජීවන තත්ත්ව මානය සඳහා (විදුලිය, පිරිසිදු ජලය, සනීපාරක්‍ෂක පහසුකම් ආදිය නැති නිවාස*. බහුමාන දරිද්‍රතා දර්ශකය සඳහා (ඵඡුෂ* සම්බන්ධයෙන්, ශී‍්‍ර ලංකාව අන්ත දරිද්‍රතා රේඛාවට වඩා ඉහළින් සිටින අතර, දරිද්‍රතාවෙන් පෙළෙන්නේ රටේ සමස්ත ජනගහනයෙන් 4.7%ක් බව හඳුනා ගෙන ඇත.

ශී‍්‍ර ලංකාවේ දරිද්‍රතාවෙහි අවකාශමය ලක්‍ෂණයක් පවතින බව එකිනෙක දිස්ති‍්‍රක්කයේ දරිද්‍රතාව දෙස බැලීමේදී පැහැදිලි වෙයි. ජනගහනයෙන් 20.3%ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින මඩකලපු දිස්ති‍්‍රඛකය දරිද්‍රතා ප‍්‍රවණතාවේ ඉහළින්ම දැක්වේ. යාපනය, මොනරාගල හා බදුල්ල යන දිස්ති‍්‍රක්ක ඊට පහළින් සිටියි. මීට ප‍්‍රතිවිරෝධීව කොළඹ, ගම්පහ, වව්නියාව යන දිස්ති‍්‍රක්කවල දරිද්‍රතා ප‍්‍රවණතාව 5%කට අඩුය.

දරිද්‍රතාව පිළිබඳ මෙම චිත‍්‍රය අප‍්‍රසන්න ලක්‍ෂණ කිහිපයක් සඟවනවා විය හැකිය. උදාහරණ ලෙස, පසුගිය විසි වසර තුළ මිලියන 2.6% ජනතාවක් දරිද්‍රතා රේඛකාවෙන් බේරී ඇතැයි ගණනය කළද, මේ ජනයා තවමත් දරිද්‍රතා රේඛාව සමීපයේ භයානක ලෙස රැුඳී සිටිනවා විය යුතුය: ලෙඩ රෝග, ආර්ථික උද්ධමනය, ස්වභාවික විපත් ආදී හදිසි කම්පන ගණනාවක් හේතුවෙන් තවත් ජනයා දරිද්‍රතා රේඛාවෙන් පහළ වැටීමේ අන්තරායද පවතී. දරිද්‍රතා රේඛාවේ සුළු සීරුමාරුවක් කිරීමෙන් එය 10%කින් වැඩි කිරීමෙන් අමතර 800,000ක් දුප්පතුන් ලෙස හඳුනා ගැනෙනු ඇත. ඒ හා සමානවම බහුමාන දරිද්‍රතා දර්ශකය (ඵඡුෂ* සම්බන්ධයෙන්ද, දුගීභාවය නතර වීමේ ලක්‍ෂ්‍යය 30% සිට 20% කිරීමෙන් අතිරේක මිලියන 1.9ක ජනකායක් දුප්පත් යැයි හඳුනා ගැනෙනු ඇත.

නිවාසා අතර අදායාම බෙදී යෑම දෙස බැලීමෙන් මෙම කරුණ තව දුරටත් පැහැදිලි කළ හැකිය. පහළම දශමක හතරේ නිවාසවල අවම ආදායම් එකිනෙකට සමීපව පවතින අතර, සියළු දෙනාගේ ආදායම මසකට රු. 17,833කට වඩා පහළය. තව දුරටත්, පවුල්වලින් 30%කට වැඩි කොටසකගේ මාසික ආදායම ජාතික සාමාන්‍ය ආදායමට වඩා අඩුය. ඊට පරස්පරව, ආදායම බෙදී යෑමේ අනෙක් කෙළවරේ ඉහළම දශමකයන්ට අයත් පවුලකට මසකට රු. 140,000කට නඩා අදායමක් ඇත. පහළම දශමක හතරේ නිවාස එක්ව ගත් කල පවුල් ආදායමෙන් 13%කි. ඉහළම දශමකයට අයත් පවුල් සමස්ත ආදායමෙන් 39.5%කට හිමිකම් කියති.

ශී‍්‍ර ලංකාවේ දුගීභාවය හා නැති බැරිකම අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් මෙයින් අදහස් වන්නේ කුමක්ද? දරිද්‍රතා රේඛාව වැනි දරිද්‍රතා මැනීමේ ලක්‍ෂ්‍යය මිණුමක් මත විශ්වාසය තැබීමෙන් ලැබෙන්නේ චිත‍්‍රයෙන් අඩක් පමණක් බව පැහැදිලිය. මෙයින් ඉන්ධන හා සෞඛ්‍ය අවශ්‍යතා ගණන් නොගෙන, පුද්ගලයකුගේ අවම ආහාර, ඇඳුම් පැළඳුම් හා නිවාස පමණක් නොව ඉන්ධන, සෞඛ්‍ය අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා මූල්‍ය අවශ්‍යතාව දිනකට රුපියල් 100ක් ලෙස පරිවර්තනය වන, මසකට රුපියල් 3028ක් ප‍්‍රමාණවත් වීම පිළිබඳ ප‍්‍රශ්න පැන නගී. දරිද්‍රතා රේඛාවේ සුළු වෙනස්කම් වුවද, රටේ දරිද්‍රතා තත්ත්වය සැලකිය යුතු ප‍්‍රමාණයකින් වෙනස් කරන බැවින්, දුගීභාවය පිළිබඳ ලක්‍ෂ්‍ය මිණුම්වලට ජනගහනය පුරා දරිද්‍රතාව බෙදී පිළිබඳ දත්තද එකතු කළ යුතුය.

දරිද්‍රතාව පිළිබඳ සැබෑ චිත‍්‍රයට අප අතිශයින්ම සමීප බව සහතික වනු පිණිස, දරිද්‍රතාව පිළිබඳ දත්ත රැුස් කිරීමේ වෙනත් ක‍්‍රම හා මුලාශ‍්‍ර සමඟ ති‍්‍රකෝණකරණය කළ යුතුය. උදාහරණ ලෙස, මෑත අවුරුදුවලදී කරන ලද සුළු අධ්‍යයනයන් කිහිපයකින් මතු වූ වතු අංශයේ සෞඛ්‍ය මානය සම්බන්ධයෙන් ඵඡුෂ දර්ශකයේ දැක්වෙන්නේ පහළ මට්ටමේ දරිද්‍රතා ප‍්‍රවණතාවකි. අනෙක් අතට, වතු අංශයෙහි 2006 වසරේදී 32% සිට 2009 දී 11.4% දක්වා මුදල් මිණුම් දරිද්‍රතාවෙහි (ඵදබැහ ඵැඑරසජ ඡුදඩැරඑහ * දළ අඩු වීම, නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ මඟින් සපයා ගත් සෙසු දත්ත මඟින් තහවුරු කර නොමැති වීම මෙම සංඛ්‍යාවන් පිළිබඳ විශ්වසනීයත්වයට හානි සිදු කරයි.

සමස්තයක් ලෙස පසුගිය විසි වසර තුළ දුගීභාවයේ ප‍්‍රවණතාව අඩු වීම පිළිබඳව අප සතුටු විය යුතු අතර, අඩු ආදායම් තුළ ජනගහනය ඒකරාශී වීම අඟවන්නේ තිරසාර දරිද්‍රතාව දුරලීමක් තහවුරු වීම පිණිස වඩා වැඩ ප‍්‍රමාණයක් අවශ්‍ය බවයි.

06 January 2014

This article is the first of a two-part series on the post-2015 and the post-Millennium Development Goals (MDG) processes.

Following the Rio+20 Summit in June 2012 (also known as the UN Conference on Sustainable Development), the United Nations initiated a process to define the next global development agenda, which includes a set of Sustainable Development Goals (SDGs) for the period after 2015. This process is likely to result in a development framework that may formally succeed the Millennium Development Goals (MDGs). The MDGs, which emerged as practical and measurable articulations of the Millennium Declaration (2000), have enjoyed sustained interest and support from governments, the global development community, civil society, and other stakeholders. Commendable progress has been made in many areas. For example, in aggregate terms, the global goal on access to safe drinking water has been met five years ahead of schedule and poverty rates as well as the number of absolute poor have declined.
Despite many of the achievements of the MDGs, they have not succeeded in integrating some of themost important principles outlined in the Millennium Declaration, including equality. Furthermore, the MDGs’ focus on national and global averages and progress can mask much slower progress or even growing disparities at the sub-national level and among specific populations. To the extent that accelerating progress towards some targets is easier when resources are concentrated among the better off, the era of the MDGs may have inadvertently seen some channeling of resources away from the poorest population groups or from those that are already at a disadvantage because of the effects of discrimination based on their gender, ethnicity, disability or residence. At the very least – and with the exception of the MDG 3 target on girls’ education - they have not given a clear enough incentive for policy-makers to proactively address inequalities. Redressing such discrimination and inequalities will be essential in the next global development agenda, if global opportunities for progress are to be shared by those most in need of its benefits.

The Report of the High-level Panel of Eminent Persons

An initial attempt to come up with specific goals that include all three dimensions of sustainability - economic, social and environmental - for the post-2015 period was made by the UN Secretary-General’s High-level Panel (HLP) of Eminent Persons on the Post-2015 Development Agenda. In May 2013 the panel released its report entitled “A New Global Partnership: Eradicate Poverty and Transform Economies through Sustainable Development.” The HLP Report is programmatically competent and politically astute. However, the Report entails many layers, and it is worth peeling back the layers to see what lies inside. Some interesting questions then arise, especially about the goals and targets. The key layers of report are: 1) the five transformative shifts; 2) the 12 goals; and 3) the 54 targets.

The five shifts are:
1. Leave no one behind.
2. Put sustainable development at the core.
3. Transform economies for jobs and inclusive growth.
4. Build peace and effective, open and accountable institutions for all.
5. Forge a new global partnership.

In many ways, the five transformative shifts set the ‘theme tune’ of the post-2015 agenda. The list above is not a statement of values, of the kind that features in the Millennium Declaration (freedom, solidarity, tolerance, respect for nature, etc.); nor does it amount to an end-point definition of ‘human development’ (or indeed sustainable development). It could be read as a distinctive call to arms; the opposite of these statements are the problems we have to fix. Thus: people are being left behind; the development model is not sustainable; we suffer from jobless and unequalising growth; too many ‘institutions’ are not open and accountable; and rich countries are not pulling their weight.

Going an extra step ahead, one may also add – the current growth model is not working for the wellbeing of all masses, economic growth does not necessarily lead to happiness, our social fabric has eroded, and the fundamentals of global collective action have been diluted. Leaving aside the transformative shifts that are currently not on the HLP report, the ones that are already in it are adequate. While these intended shifts are important to any future development framework, it is unclear whether the transformative shifts are make or break issues for the next generation of global goals. In the run-up to 2015, the goals and targets will be more important. Chapter 3 of the HLP report gets more specific on what can and cannot be achieved with a goal framework, on the criteria for choosing goals, and on the risks. The HLP notes that “a goal framework is not the best solution to every social, economic and environmental challenge.” A small number of SMART targets are needed, written in simple language and providing a compelling message. The targets should be widely applicable, and based on consensus. Importantly, the HLP concludes that “whenever possible, goals and targets should reflect what people want, without dictating how they should get there. . . Given vastly different capabilities, histories, starting points and circumstances, every country cannot be asked to reach the same absolute target. All countries would be expected to contribute to achieving all targets, but how much, and at what speed, will differ. Ideally, nations would use inclusive processes to make these decisions and then develop strategies, plans, policies, laws, or budgets to implement them.” Such language carries tactical advantage, however, imparts uncertainty. What happens if adding up country commitments leaves the world falling short of agreed global targets? Climate change, for example, is an area where we have encountered this issue.

Proposed Goals

The HLP suggests twelve goals, which are intended to contribute in a cross-cutting way to the transformative shifts: 1) End poverty, 2) Empower girls and women and achieve gender equality, 3) Provide quality education and lifelong learning, 4) Ensure healthy lives, 5) Ensure food security and good nutrition, 6) Achieve universal action to water and sanitation, 7) Secure sustainable energy, 8) Create jobs, sustainable livelihoods and equitable growth, 9) Manage natural resource assets sustainably, 10) Ensure good governance and effective institutions, 11) Ensure stable and peaceful societies, and 12) Create a global enabling environment and catalyze long-term finance.

There are a lot of positive elements in this list. Ending absolute poverty by 2030 is an ambitious goal; the Panel’s recognition that the challenge of climate change underpins all others is commendable; the focus on educational and health outcomes rather than inputs is a step forward, as is the new emphasis on secondary education and vocational training; and food and nutrition has also moved up in priority level than before.

However, there is also a lot to be concerned about. For instance, the inadequacy in addressing soaring income inequality would debilitate efforts to achieve equitable and sustainable development progress. Immediately after the HLP Report was released in May, Oxfam’s Stephen Hale commented: “The Panel has failed to recognize the growing consensus that high levels of inequality are both morally repugnant and damaging for growth and stability. Without targeted efforts to reduce inequality, social and economic progress will be undermined. Global poverty is declining, but income inequality is soaring. Billions of people are being left behind by economic growth. A plan for reducing inequality was a major omission in the original MDGs, and ignoring income inequalities now will undermine the struggle to eliminate poverty and injustice.” Hale’s comment is well-placed given the current global inequality trends. The richest 1% of the world's population has increased its income by 60% in the last 20 years. The world's 100 richest people amassed $240 billion last year - enough to make a huge contribution to ending extreme poverty more than three times over.

Voicing Our Concerns

Adoption of this list of goals would certainly be a positive step. However, at a time when a major transformation is needed, it would be a rather small step. The world is at the cusp of overstepping social and planetary boundaries that guarantee stability and sustainability. The need to tackle the fundamental causes of today’s unsustainability - a model of intense production and consumption that disregards the carrying capacity of the planet - and the repercussions for the fabric of society, has become urgent. With the growth of the middle class in emerging economies, this unsustainable production and consumption model is being adopted beyond the confines of the industrialized North. In addition to exhausting limited natural resources, at a time of increasing climate change impacts, it also often creates patterns of extreme economic inequality, unemployment and exclusion. These will not go uncontested, especially by the youth, as we see by recent unrest in the countries of North Africa, Southern Europe, Brazil and beyond.

There is still time for us in the global South to infuse into the post-2015 framework elements of global justice that put the wellbeing of people at the heart of the development agenda. As pointed out by Dr. Debapriya Bhattacharya of the Center for Policy Dialogue (CPD) in Bangladesh, “individuals and countries from the Global South do not participate equally in the post-2015 debates. 80% of all written inputs into the post-2015 development agenda are submitted by individuals and institutions located in the Global North.” As the HLP Report stresses, “no one should be left behind”, and that should be appropriately operationalized during all stages of the development process, including (and most importantly) at the agenda setting stage.

The Center for Poverty Analysis (CEPA)’s symposium this year is “Making sustainability the next metric: the post 2015 development agenda”. The aim of the meeting is to discuss Asian perspectives and ideas into the global discussions on the post-2015 development framework. With this in mind the symposium will bring together key South Asian resource people and invited participants to discuss the position papers and other solicited inputs through 6 key sessions structured as interactive discussions with panelists and selected group of invitees. The session outcomes will be collated into South Asia’s suggestions for millennium development goals, processes and measurements to be taken forward through the Southern Voice initiative spearheaded by the Centre for Policy Dialogue (CPD) in Bangladesh. Through this column, we intend to bring to you important development recommendations that will emerge during the regional consultation.

Page 1 of 2